සන්ධාන නායකයෙකු එ.ජා.පයට ගැනීමට තානාපති කාර්යාලයකින් මෙහෙයුමක්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන නායකයෙකු එක්සත් ජාතික පක්ෂයට ගැනීම සඳහා ප්‍රධාන රටක තානාපති කාර්යාලයක බලපෑමක් සිදු වී ඇතැයි 'අද' පුවත්පතට වාර්තාවෙයි.
සන්ධාන ප්‍රබලයා දැනට එක්සත් ජාතික පක්ෂ ප්රබලයෙකු නියෝජනය කරන දිස්ත්‍රික්කයක් නියෝජනය කරන අතර මොහුට එම දිස්ත්‍රික්කයේ නායකත්වය පවරා එ.ජා.ප. ප්‍රබලයා කොළඹ දිස්ත්‍රික්කයට ඒමට කැමැත්ත පළ කර ඇති බවද වාර්තාවේ.
එහිදී එ.ජා.ප ප්‍රබලයා කොන්දේසි කිහිපයක් ද පනවා ඇතැයි වාර්තා වෙයි. තානාපති කාර්යාලයක් මෙවැනි හුවමාරුවක් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නේ මන්දැයි මේ වනවිට දේශපාලන ක්ෂේත්රයේ දැඩි කතා බහක් ඇති වී තිබේ.

popular news
-
Nishantha Perera Wednesday, 08 August 2018 11:32 AM
මහින්ද අමරවීර සහ සජිත් ප්‍රේමදාස
Reply : 0 26
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
