සිනෝවැක් හි පළමු කාණ්ඩයේ කොවිඩ්-19 එන්නත් මාත්‍රාව මිලියනයක්, ජනවාරි මාසයේදී හොංකොං වෙත පැමිණෙන බවත්, එරට සෞඛ්‍ය සේවකයින් සහ වැඩිහිටියන් සඳහා ප්‍රමුඛතාවය හිමිවන බව හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක කැරී ලැම් පවසයි.
හොංකොං රජය විසින් එන්නත් නිෂ්පාදකයින් දෙදෙනෙකු වන සිනෝවැක් සහ ෆයිසර් සමග එන්නත් ලබාගැනීමේ ගිවිසුම් අත්සන් කර ඇති අතර, ඒ සෑම එකක්ම මාත්‍රා මිලියන 7.5ක් සපයනු ඇති බව ලැම් පැවසීය. එමෙන්ම මිලියන 7.5ක පදිංචිකරුවන්ට නොමිලේ එන්නත ලබාදෙන බවට පොරොන්දු විය.
තුන්වැනි සමාගමක් වන ඇස්ට්‍රාසෙනෙකා සමග තවත් එන්නත් මිලියන 7.5ක් ලබාගැනීමටද හොංකොං බලධාරීන් බලාපොරොත්තු වේ. කෙසේ වෙතත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබන වසරේ දෙවැනි භාගය වනතෙක් ලබාගත නොහැකි වනු ඇතැයි ලැම් වැඩිදුරටත් පැවසීය.