ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනගහනය සහිත වික්ටෝරියා ප්‍රාන්තය ගෙවීගිය පැය 24 තුළ අවම වශයෙන් මරණ 15ක් සහ නව ආසාදිතයන් 116ක් වාර්තා කර ඇති අතර, එය සති 7ක් තුළ නව ආසාදිතයන්ගේ අවම දෛනික වැඩිවීමකි.
වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර සහ විශාලතම නගරය වන මෙල්බර්න් හි පසුගිය සති කිහිපය තුළ ආසාදන වැඩිවීමක් දක්නට ලැබුණු නමුත් දැඩි අගුලු දැමීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් මෑත දිනවල ආසාදිනවල පහත වැටීමක් දක්නට ලැබෙයි.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව තුළ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 24,800කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 500කට වඩා වාර්තා වී තිබේ.