සජිත්ට සහාය දැක්වීමට වැඩි උනන්දුවක් තිබෙනවා - හකීම්
ඉදිරි ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනු ඇති බවට සිතන බවට ඔහුට සහාය දැක්වීමට වැඩි උනන්දුවක් තිබෙන බවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවැසීය.
ඊයේ (17දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“අපේක්ෂකයෝ ගැන තමයි අපේ අවධානය යොමුවෙලා තිබෙන්නේ. ජනප්‍රිය අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වෙයි කියා හිතනවා.
තාම ඒ පිළිබඳව අන්තිම තීරණයක් ලැබුන්නැති පාටයි. එන සතියේදී මේ ගැන තීරණයක් ලැබේවි කියා බලාපොරොත්තුවෙනවා. ඊට පස්සේ තමයි අපේ තීරණය ගන්නේ.
අපි ගන්න තීරණය සෙසු පක්ෂත් සමග එකතුවෙලා ගන්නේ. සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලැබෙයි කියලා හිතනවා. ඔහුට සහාය දැක්වීමට වැඩි උනන්දුවක් තිබෙනවා.”

popular news
-
Sidath Kaldera Tuesday, 17 September 2019 11:54 AM
අපිට එහෙම උවමනාවක් නැත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

