සජිත්ට ප්‍රබල විපක්ෂයක් ගොඩනැගිමේ හැකියාව තිබෙනවා - මල්වතු නාහිමි
ආණ්ඩුව කරන්නාවූ සෑම දේටම විරුද්ධ නොවි යහපත් දේට සහාය දි අයහපත් දේට විරුද්ධ විම නියම විපක්ෂයක කාර්යභාරය බවත් සජිත් ප්‍රේමදාස මහතාට ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමේ හැකියාව පවතින බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසති.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (16) ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනිමෙන් පසු මල්වතු අස්ගිරි උභය මහ විහාරයන්ට ගොස් එම පාර්ශවයන්හි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් බැහැදුටු සජිත් ප්‍රේමදාස මහතා උන්වහන්සේ සමඟ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළේය.
රටක් යහපත් මාර්ගයකට යොමු කිරීමට නම් ප්‍රබල විපක්ෂයක් තිබිය යුතු බවත් එම ප්‍රබල විපක්ෂය ගොඩනැගිමේ ශක්තිය සජිත් ප්‍රේමදාස මහතාට ඇති බවද උන්වහන්සේ එහිදි සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා මල්වතු පාර්ශවයේ අනුනායක හිමියන් හමුවේ මෙසේද පැවසීය,
ආණ්ඩුව ගෙන ගනු ලබන ප්රගතිශීලී තීන්දු තීරණ වලට සහාය ලබා දෙන බවත් අඩුපාඩු නිවැරදි කර ගැනීමට වගකිව යුතු විපක්ෂයක් ලෙස ආණ්ඩුව උනන්දු කිරිමට පියවර ගන්නා බවද එහිදි පැවසීය.
ජනතාවට සහන සැලසීම සඳහා ආණ්ඩුව අප්‍රේල් මැයි මාසය වනතුරු බලා නොසිටිය යුතු බවත් ජනතා සහන ලබා දීමට ආණ්ඩුව ක්‍රියා කරන්නේ නම් විපක්ෂයේ පූර්ණ සහාය ඊට ලබාදෙන බවත් පොහොර නොමිලේ ලබාදීම, සහන බඩු මල්ල,රැකී රක්ෂා ඇතුළු පොරොන්දු දැන් සිටම ආණ්ඩුවට ඉටු කළ හැකි බවද හෙතෙම නාහිමියන් හමුවේ සඳහන් කළේය.
රටකට අවශ්‍ය පක්ෂ ප්‍රතිපත්ති නොවන බවත් ඒ සදහා ජාතික ප්‍රතිපත්ති අවශ්‍ය බවත් නිදහසින් පසු ගෙවුණු 71 වසර තුළ රටට ජාතික ප්‍රතිපත්තියක් ගෙන ඒමට බලයේ සිට කිසිදු ආණ්ඩුවක් පියවර නොගැනීම නිසා රට දිනෙන් දින අර්බුදයන්ට ලක්වූ බවත් මෙහිදී අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පැවසූහ.

-
Lal Dahamsiri Withanage Friday, 17 January 2020 02:26 PM
Govt is failing in its duty towards common people sad to say however much President wants to help common people. P. M. Is the rotten egg in the bascut. The best govt. would be Gotabaya as the President
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

