සජිත් ප්‍රේමදාස දැන් ජයග්‍රහණය කරලා ඉවරයි - සොයිසා
සජිත් පේ‍්‍රමදාස ජනතාවගේ ගද සුවඳ හඳුනන දුප්පතාගේ දුක දන්න නායකයෙක් බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර විජිත් විජයමුනි සොයිසා මහතා පවසයි .
මාතර , අකුරැස්ස නගරයේ පැවති ජන හමුවකදි ඔහු මේ බව පැවසිය .
එහිදි අදහස් පළකල ඒ මහතා ,
"මට පෙනවා තමුන්නාන්සෙලා පුදුම උද්යෝගයකින් ඉන්නවා 16 වෙනිදට සජිත් පේ‍්‍රමදාස මහත්තයා ජයග්‍රහණය කරවන්න . සජිත් පේ‍්‍රමදාස දැන් ජයග්‍රහණය කරලා ඉවරයි . දැන් අපේ සටන 50% ට වැඩිය ගන්න එකයි . ඒක ටිකක් අමාරු වැඩක් වුණත් කරන්න පුළුවන් දෙයක් . ඒක යුඑන්පි කාරයට විතරක් කරන්න බැහැ . ඒකට එකතු වෙන්න ඕන මම වගේ ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අය . දැන් නිකමට බලන්න අපේ පක්ෂයේ ඉදලා පොහොට්ටුවට එකතු වුණ අයට වෙනදට කෙහොමද සැලකුවේ කියලා . ඕක පටන් ගත්තෙ කුරුණැගලින් මටත් හුවක් තිබ්බා. මම ඒකට කවියක් කිවුවා ඊට පස්සේ ආයේ කිව්වේ නැහැ . මම මහින්ද , ගෝඨා, බැසිල්ලට බය නැහැ . මොකද මහින්ද මහත්තයා බලයට ගේනකොට ඔය කවුරුවත් හිටියේ නැහැ . පාදා යාත්‍රා ගිහින් , ජන ඝෝෂා තියලා තමයි එතුමා ගෙනාවේ . අන්න ඊට පස්සේ තමයි අර අය ලංකාවට ආවේ . ගෝඨගේ නෝනාට , දුවට , පුතාට , බැසිල්ට මේ කාටවත් මෙහේ ඡන්දය නැහැ . ඇමරිකානු පුරවැසියෝ . මේ අය පරදේශකාරයෝ . අපි රට වැසියන්. අපි ඉපදුණේ මෙහෙ මැරෙන්නේ මෙහේ .
ඒ නිසා ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ , කොමියුනිස්ට් පක්ෂයේ අයට අපි කියනවා රටේ පුරවැසියෙකුට ඡන්දය දෙන්න කියලා . අර කතාවක් තියෙනවනේ ලිහලා බලපු මල්ල ඔබලා බලන්න ඕන නෑ කියලා . සජිත් පේ‍්‍රමදාස කියන්නේ ජනතාවගේ ගද සුවඳ හඳුනන , දුප්පතාගේ දුක හඳුනන නායකයෙක්. එතුමා එක්ක ඕන වෙලාවක කතා කරන්න පුළුවන් සරල මනුස්සයෙක් . එතුමා ළඟින් ගෝඨා තියන්නවත් බැහැ . ඒ නිසා අපි සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා 16 වෙනිදා සජිත් පේ‍්‍රමදාස ජයග්‍රහණය කරවලා රටේ සංවර්ධන ඉදිරියට ගෙනියන්න රට ස්වයංපෝෂිත කරන්න කටයුතු කරන්න කියලා’’ යැයි සොයිසා මහතා වැඩිදුරටත් පැවසිය.

popular news
-
Champa Thursday, 14 November 2019 08:07 AM
ඇර සොයිස. අප්පච්චි මලෝ කිව්වා වගේ රනිල් මලා කියනකම් මං මේ බලා ඉන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

