සජිත් නවීන් හරීන් මනෝ රවී ගයන්ත අකිල හලීම්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි
2018/19 වර්ෂයට අදාළව සිය වත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකළ කැබිනට් ඇමතිවරුන් 8 දෙනෙකුට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අද (10දා) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
කැබිනට් අමාත්‍යවරුන් වන නවීන් දිසානායක, හරින් ප්‍රනාන්දු, මනෝ ගනේෂන්, එම්.එච්.ඒ හලීම්, අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, ගයන්ත කරුණාතිලක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ට එරහිව මෙසේ අල්ලස් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත් නොකිරීමේ වරදට, රුපියල් 1000 නොඉක්ම වන දඩයක් සහ / හෝ වසරක සිර දඩුවමකට ලක් කිරීමේ හැකියාව පවතින බව ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.

popular news
-
Lasith Tuesday, 10 September 2019 02:31 PM
හරින් ප්‍රනාන්දු..... අපේ තාත්තා දැනගෙන හිටියා මම හොර සිගරට් වික˛ණනවා කියලා...... වත්කම් බැරකම් වලට එවා අදාළ නැනෙ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

