සජිත් ජනපති කරන්න රනිල් හා කරු එකඟ වෙන්න ඕන
එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනපති අපේක්ෂකයා වීමට ජනප්‍රියත්වය ඇත්තේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට බවත් ඔහුව ජයග්‍රහණය කරවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් කථා නායක කරු ජයසූරිය මහතාත් එකඟතාවයකට පැමිණිය යුතු බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරයි.
“එක්සත් ජාතික පක්ෂයේ ජනපතිවරයෙක් ලබා ගැනීම අංක එකයි. ජනපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ වෙන්න ඕන. අපේක්ෂකයෙක් වුණාට මදි ඔහුට දිනන්න පුළුවන් වෙන්න ඕන.
මෙතනදී මම දකින්නේ සජිත් ප්‍රේමදාස මහතාට තමයි ඒ ජනප්‍රියත්වය තිබෙන්නේ. එතුමාට තමයි ඒ හැකියාව තිබෙන්නේ. නමුත් මෙතනදි අපි කිසිසේත්ම වර්තමාන නායකයා අයින් කරන්න, විසිකරන්න, හලන්න කියනවා නෙමෙයි.
අනිත් පැත්තෙන් කවුරු ආවාත්, මොන රාජපක්ෂ ආවත් පවුල ඇතුළේ තිබෙන සංගීත පුටු තරගයක් වගෙයි. සජිත් ප්‍රේමදාස මහතාව අපි දිනවන විදිහ දන්නවා.
නමුත් එතනදී රනිල් වික්‍රමසිංහ මහතාගේ දර්ශනය, ඩී.එස්. සේනානායක මහතාගේ දර්ශනය ඉදිරියට ගෙනි යන්නත් ඕන. එක්සත් ජාතික පක්ෂය කියන්නේ මධ්‍යස්ථ පක්ෂයක්.
එක්සත් ජාතික පක්ෂය මේ රටේ මධ්‍යස්ථ මතය නියෝජනය කරන පක්ෂය ලෙසට පත්කර ගන්න ඕන. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්විම අවශ්‍යයි. කරු ජයසූරිය මහතාත් එකඟ වෙන්න ඕන. මේ සියලු දෙනාම එකතුවෙලා ඊළඟ ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජනපති කරන්න එකඟ වෙන්න ඕන.”

popular news
-
Dayan Wednesday, 03 July 2019 11:09 AM
සජිත් එයාගේ ප්‍රියතමය වෙන්න පුළුවන්. අපිට හරි යන්නේ නෑ. UNP එක මෙසැරේ ගෙදර තමය් එහෙනම්. පක්ෂ වලින් නැතුව වෙනත් නව අපේක්ෂකයෙක් පත් කරමු.
Reply : 1 0
Kamal Lankathilaka Wednesday, 03 July 2019 12:41 PM
ආරංචි සජිත් අවොත් ඔබ අගමැති වෙන්න බලනවා කියලා, දැනට නම් සජිත් සුදුසු නැත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

