සජිත් ඉල්ලා උතුරේ වැසියෝ පොල් ගසති
ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂයට බලකරමින් උතුරු පළාතේ දිස්ත්‍රීක්ක සියල්ලේම වැසියන් මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිල ඉදිරිපිටදී දෙවියන්ට කන්නලව් කරමින් පොල් දහසක් බිඳීම සිදු කෙරිණි.
වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, යාපනය හා මුලතිව් දිස්ත්‍රීක්කයන් නියෝජනය වන පරිදි නැවත පදිංචි වැසියන් පිරිසක් විසින් මෙම වැඩසටහන ඊයේ (05) රාත්‍රිය වන තුරු සංවිධානය කොට තිබුණි.
දේව කන්නලව්ව සිදු කරනු ලැබූ වැසියන් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වෙනත් කිසිඳු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය වෙනුවෙන් සුදුසුකමක් නොමැති බවටත් එමෙන්ම උතුරු පළාතේ ජනතාවතුළ ප්‍රසාදයක් සහ විශ්වසයක් ඇති එකම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බැවින් වහාම සජිත් ප්‍රේමදාස මහතාට රටේ නායකත්වය වෙනුවෙන් අවස්ථාවක් ලබා දිය යුතු බවයි.

popular news
-
sirikumara sirisena Tuesday, 06 August 2019 12:56 PM
හොද වෙලාවට පොල් ලාභ වුනේ .........
Reply : 10 2
Kumar Tuesday, 06 August 2019 08:59 PM
පොල් ගහන එක හොඳ දෙයක්. ඒ කියන්නෙ එතකොට පොල් හිගයක් ඇතිවෙලා පොල් වතු හිමියන්ට ලාබයක් ලබාගන්න හැකිවෙනවා අනේ තව කෝවිල් කිහිපයකම පොල් ගසන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

