සක්විතිට ඇප
රුපියල් කෝටි 162කට අධික මුදලක් වංචා කිරිමේ සිදුවීමක් සම්බන්ධයෙන් වසර 10කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි චන්දන වීරකුමාර නොහොත් රණසිංහ මහතා ඇප මත මුදා හැරිමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා අද (10දා) නියෝග කළේය.
මහජන මුදල් රුපියල් කෝටි 162කට අධික මුදලක් ලබාගෙන මුදල් සමාගම් පනතට පටහැනි ලෙස මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම ඇතුළු චෝදනා ඔහුට ගොනු කර තිබුණි.

popular news
-
Champa Monday, 10 June 2019 06:01 PM
මේ මොකක්ද මේ? ඔක්කොම හොරු මුදා හරිනවා. දැන් සක්විති මංකොල්ලකාපු මිනිස්සු මහන්සි වෙලා හම්බ කරලා ඉතුරු කරපු සල්ලි ගෙව්වද? නැත්ද? ගෙව්වේ නැත්නම් කොහොමද නිදහස් කලේ? මෙයාගේ දේපල තහනම් කලාද?
Reply : 0 0
Champa Monday, 10 June 2019 06:04 PM
අවුරුදු 10ක් ගිහිල්ලත් මේකේ නඩු තීන්දුව දුන්නේ නැත්තේ මොකොද? ලංකාවේ ඇප කොන්දේසි සහ කාල වකවානු වෙනස් කරන්නම ඕනේ. උදාහරණයක් විදිහට මේ වගේ මූල්‍ය වංචාවකට අඩු ගානේ අවුරුදු 40ක් වත් හිරේ ඉන්න ඕනේ කොන්දේසි සහිත නිදහස් කිරීමක් කරන්න නම්.
Reply : 0 0
Champa Monday, 10 June 2019 06:07 PM
රුපියල් 5000ක් අල්ලස් ගත්ත රජයේ සේවකයාට අවුරුදු 25යි. සමහරුන්ට බරපතල වැඩ ඇතුව අවුරුදු 15යි. තව රජයේ සේවිකාවකට බරපතල වැඩ ඇතුව අවුරුදු 8ක් හිරේට දැම්ම. කොටි 162ක් වංචා කරපු මිනිහ අවුරුදුන් 10න් ගෙදර යනවා. නල්ල මලේ නඩු තීන්දු.
Reply : 1 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

