ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් සිය සූපශාස්ත්‍ර කුසලතාව ගවේෂණයේදී ශ්‍රී ලාංකේය ආහාරපාන සිය නිවසේදී පිළියෙළ කිරීමට කටයුතු කළ බව පවසා තිබේ.
ඒ අනුව ඊයේ (22දා) රාත්‍රියේ ගෝදම්බ රොටි සමග මස් කරියක් ශ්‍රී ලංකාවේ ක්‍රමයට සකස් කළ බව එම ආහාර පිළියෙළ කරන ආකාරය දැක්වුණු ඡායාරූපද සහිතව ෆේස්බුක් හි බෙදාගෙන තිබුණේ, 'කරි නයිට්' යනුවෙන් ඊට තේමාවක්ද ලබාදෙමිනි. එහිදී ඔහු පළකළ ඡායාරූප අතර බතක්ද පිළියෙළ කර ඇති ආකාරය දැකගත හැකි විය.
තම පවුලේ අය සමග මෙම ආහාර රස විඳි බවත්, ඒවා සැබවනින්ම රසවත් බවත් සඳහන් කර ඇති අගමැතිවරයා, නව කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට මෙල්බර්න් හි ලොක්ඩවුන් තත්ත්වයේ පසුවන සියලු ඔස්ට්‍රේලියානුවන් සිහිපත් කිරීමටද මෙය අවස්ථාවක් කරගෙන තිබේ.