සංචාරක වීසා මගින් ඩුබායි රැකියා මැවූ සැකකරුවෙකු අත්අඩංගුවට
සංචාරක වීසා මගින් ශ්‍රමිකයින් ඩුබායි රාජ්‍යයේ රැකියා සදහා යොමුකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි රැකියාවක් සදහා අදාළ සැකකරුට රු.180,000 ක මුදලක් ලබාදී සංචාරක වීසා මගින් එරටට ගිය පසු පොරොන්දු වූ පරිදි රැකියාව හිමි නොවූ බවට පුද්ගලයෙකු විසින් කාර්යාංශයට සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය මෙහෙයවා තිබේ.
ඒ අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි එම්.සෙන්තිකුමාර් නම් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී අන් සතු ගමන් බලපත්‍ර 13ක් හා විදේශ රැකියා සදහා අවශ්‍ය ලේඛන රැසක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබේ.
සැකකරු 2019.07.30 දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක පුද්ගල ඇප දෙකක් මත මුදාහරින ලදී.
වැඩිදුර නඩු විභාගය ඔක්තෝම්බර් 05 දින පැවැත්වීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
