ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වරිග සභාවක ප්‍රාණ ඇපකරුවන් වෙලා - පාඨලි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වරිග සභාවක ප්‍රාණ ඇපයට හසුව ඇති බවත්, මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසුව ප්රජාතන්ත්රවාදය හා නිදහස රටට ලැබෙනවා සේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද ප්රජාතන්ත්රවාදී නායකත්වයක් හිමිවන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
නුගේගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
”ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තුළ තිබුණු පවුල්වාදය චන්ද්‍රිකා මහත්මිය අවසන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වරිග සභාවක ප්‍රාණ ඇපයට හසුවී ඉන්නවා. මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කළ විට ප්රජාතන්ත්රවාදය නිදහස රටට ලැබෙනවා පමණක් නොවෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් අලූත් නායකත්වයක්, ප්රජාතන්ත්රවාදී නායකත්වයක් ලැබෙනවා. ඒ නිසා ඔවුන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ජයග්‍රහණය කරවීම උදෙසා ඡන්දය භාවිතා කරන්න කියන ඉල්ලීම මම කරනවා.
දැන් රාජපක්ෂ කඳවුර නඩු ගැන කතා කරනවා. නඩු වලින් නිදොස් කොට නිදහස් කළා කියලා සඳහන් කරනවා. පසුගිය දිනවල නීතිපති දෙපාර්තමේන්තුවේ දෙදෙනෙකු කළ ප්‍රකාශය අපි දැක්කා. රටේ අධිකරණ ඇමති ලෙසින් කටයුතු කර පුද්ගලයාගේ ප්‍රකාශය අපි දැක්කා. එෆ්.සී.අයි.ඞී එකේ හිටිය දුෂිතම පුද්ගලයා කළ ප්‍රකාශය අපි දැක්කා. අවංක රාජ්‍ය සේවකයෙක් වන නීතිපති දෙපාර්තමේන්තුවේ වසන්ත නවරත්න බණ්ඩාර නඩු යටගැසූ ආකාරය, ඒ ෆයිල් සැඟවූ ආකාරය, දුෂිත ක්‍රියාවලියට ඉඩදුන් ආකාරය සඳහන් කළා. වර්තමාන ආණ්ඩුවෙන් තුන් හතර දෙනෙකු මේ දුෂිත ක්‍රියාවලියට එකතුවෙලා හිටියා. ඒ දුෂිතයින් එක්ක ගණුදෙණු බෙදා ගත්තා.
ලබන මාර්තුමාසයේදි මහමැතිවරණය පැවැත්වෙනවා. හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නා සේ, මේ දුෂිතයින් කුමන පක්ෂයක හිටියත් පාර්ලිමේන්තුවට යවන්න එපා. ඩීල් කාරයින්ගේ යුගය අවසන් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. සුහද ගම්ලත්ගේ සිට රවි වෛද්‍යලංකාර දක්වා, විජයදාස රාජපක්ෂ දක්වා හැම කෙනෙකුම එක්ව කළ ඩීල් යුගය නිසා තමයි හැට දෙලක්ෂයක් ජනතාවගේ ජනවරමට පහර දුන්නේ. පනස් ලක්ෂයක් එක්සත් ජාතික පෙරමුණට ඡන්දය දුන් මිනිසුන්ට පාරේ බැහැලා යන්න බැරිවුණේ. ඔවුන් දැන් අධිකරණයට වෙට්ටු දමමින් නොයෙක් ආකාරයෙන් කටයුතු කළත් අපි 16 වනදායින් පසුව නව අධිකරණ ක්‍රමයක් ඇති කරනවා. ඒ තුළින් නඩු කඩිනමින් අසා දූෂිතයින්ට දඩුවම් ලබා දී දුෂිත අයුරින් උපයා විදේශ රටවලට ගෙන ගිය ධනය නැවත මේ රටට ගත හැකි ක්‍රමයක් අපි ඇති කරනවා”යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.
කෂිනි හපුආරච්චි

popular news
-
gamini abheyadeera Tuesday, 05 November 2019 06:45 AM
පාර්ලිමේන්තුවෙන් ඉස්සලම නෙරපන්න ඕන මේ චම්පික රණවක, බුද්ධාගම සහ බුද්ධ පුත්‍රයන් මුලා කරලා බවුද්ධ ජනයා මුලා කරලා චන්දෙ අරගෙන ජාතිය පාවාදුන්නා
Reply : 0 0
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Tuesday, 05 November 2019 07:54 AM
71 වසරක මෙරටේ ශාපයට හේතුව රටේ පක්ෂ දෙක ගෙනගිය ප්‍රතිපත්තියක් නොමැති පොරොන්දු දේශපාලනය. මෙය දැන් පිටුදකිමු. අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

