ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් පීඩාවට පත්කරන්න එපා
ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත දරුවන් පීඩාවට පත් නොකරන්නැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමාපියන්ගෙන් ඉලාල සිටියේය.
05 වසර ශිෂ්‍යත්ව විභාගය දරුවාගේ අනාගතය තීරණය කරන එකම කඩඉම බවට දෙමාපියන් විශ්වාස කිරීම නිසා රටේ දරු පරපුරට මහත් පීඩාවකට මුහුණදීමට සිදුව තිබෙන බවද ජනපතිවරයා පෙන්වා දෙයි.
එසේම ශිෂ්‍යත්වය සමත්වීම හෝ අසමත්වීම මත හිංසනයකින් තොරව දරුවා පිළිගන්නේ කෙසේදැයි සැම වසරකම ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වීමට සතියකට පෙර දෙමාපියන් දැනුවත් කිරීමට වැඩසටහනක් සකස් කරන ලෙස සියලු විදුහල්පතිවරුන්ට උපදෙස්ද දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ මහනුවර ආදර්ශ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද (06දා) පෙරවරුවේ එක්වෙමිනි.
ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල හමුවේ පසුගිය කාලය තුළ රටේ දරුවන්ට මුහුණදීමට සිදු වූ පීඩකාරී සිදුවීම් රැසක් ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ මේ පිළිබඳ සියලු අධ්‍යාපන බලධාරීන්ගේ ද අවධානය යොමුවිය යුතු බව යි.

popular news
-
රත්නසේන Sunday, 07 October 2018 11:28 AM
ජනාධිපතිතුමා ගේ අවධානය මේ සම්බන්ධව යොමු වීම ඉතාම වැදගත්. දැඩි තරගකාරි අධ්‍යාපන රටාවක් තුල ඉගෙනිමට කායික-මානසික ශක්තියක් නැති වයසේ දරුවන් මේ විගායට යොමු කිරිම එක්තරා ආකාරයක ලමා වදහිංසාවකි. දක්ෂ යැයි සැලකෙන දරුවන් අතලොස්සක් තෝරා ගැනීමට සියලුම දරුවන් මෙම විභායට ගොදුරු කිරිම බරපතල වැරද්දකි. නිදහස් (නොමිලේ) අධ්‍යාපනය වඩාත් අර්ථවත් කිරිමට නම් මෙම විභාග ක්‍රමය අහෝසිකරන්න! - දැනට අපේ රටේ ආර්ථික සංවර්ධනයට 99% දායක වන්නේ සියලුම විභාග අසමත් කර "උඹලා අසමතුන් කියා ජාතික අධ්‍යාපනයෙන් ප්‍රතික්ෂේප කළ රට වැසියන්ය" (උදාහරණ - මැද පෙරදිග යන කාන්තාවන් හෝ කොරියාව වැනි රට වල සේවය කරන තරුණ දරුවන්). අධ්‍යාපන කළ යුතුව ඇත්තේ රටට-ලෝකයට අවශ්‍ය ශ්රමබලකාය සහ ගෞරාවාන්විත පුරවැසියෙකු බිහිකිරිමයි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
