ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එන දින ගැන රනිල්ගේ අදහස
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද හෝ හෙට ප්‍රකාශයට පත් කරනු ඇතැයි බලාපොරොත්තු වුවද එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම බදාදා, බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දින සිදු විය හැකි බවට තම නීතිඥවරුන් දන්වා ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
හෙතෙම ප්‍රකාශ කර සිටියේ අරලියගහ මන්දිරයේදී අද(10දා) පැවැති එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හමුවේදීය.
අදාළ නඩු තීන්දුව ලබාදීමෙන් පසුව ජනබල මෙහෙයුම පවත්වන ලෙසට සිවිල් සංවිධාන විසින් එක්සත් ජාතික පෙරමුණෙන් ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව එම මෙහෙයුම නඩු තීන්දුවෙන් පසුව එළඹෙන සතියේදී පැවැත්වීමට සිය පෙරමුණ තීරණය කළ බවත් එහිදී සඳහන් කළ වික්‍රමසිංහ මහතා, ජනබල මෙහෙයුම ශක්තිමත්ව, සාර්ථකව පැවැත්වීම උදෙසා ඉදිරි දින කිහිපය වැය කරමින් සංවිධාන කටයුතු සිදු කරන ලෙසට සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

popular news
-
ගාමිණී Tuesday, 11 December 2018 11:38 PM
හොදයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

