ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ගැන පූර්ණ නිගමන වලට එළඹෙන්න අපට බෑ - රනිල් වික්‍රමසිංහ
ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ වෙනත් අධිකරණවල නඩු සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීම හෝ ඒ පිළිබඳව පූර්ණ නිගමන වලට එළඹිමට අපට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ පැවති එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අමතා තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා ,
ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ වෙනත් අධිකරණ හමුවේ ඇති නඩු පිළිබදව අප අදහස් ප්‍රකාශ කළ යුතු නැහැ. ඒවායේ තීන්දු කෙසේදැයි අපට පූර්ව නිගමන වලට එළඹෙන්නටත් බැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ තීන්දුව නිසි අවස්ථාවේ ලබා දේවි. ඒ තීන්දුව ලබාදීමට විනිශ්චයකරුවන් තුන් දෙනෙක් යොදවනවාද, පස් දෙනෙක් යොදවනවාද නැත්නම් නව දෙනෙක් යොදවනවාද යන්නත් කිසිවක් අපට කියන්න බැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඒකමතික තීන්දුවක් වේද, නැතිනම් බෙදුණු තීන්දුවක් වේද යන්නත් අපට කියන්නට බැහැ.
රටේ ඇතිවූ ව්‍යවස්ථානූකූල අර්බුදය පිළිබඳව අප ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ පෙත්සම සම්බන්ධයෙන් අපේ ඉල්ලීමට ඉඩ දෙයි ද, නැතිනම් ප්‍රතික්ෂේප කරයි ද කියා අපිට කිසිවක් කියන්නට බැහැ.

popular news
-
Malranjan Friday, 23 November 2018 01:20 PM
මෙතුමාට පිස්සු!. රන්ජන්ගෙන් අහන්ටකෝ!.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

