ශ්රීලනිපය ප්රමුඛ නව සන්ධානයේ වැඩපිළිවෙළ කඩිනමින්
ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය, වැඩපිළිවෙළ හා ව්‍යවස්ථාව කඩිනමින් ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
සන්ධානයේ නම හා ලාංඡනය නුදුරු දිනකදී එළිදක්වන බවත්, සන්ධානගතව මැතිවරණවලට ඉදිරිපත් වුවද ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බවත් හෙතෙම පවසා සිටියේය.
ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන්එක්සත් ජාතික පක්ෂය අවස්ථා දෙකකදී පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කළ බවද මහලේකම්වරයා සඳහන් කළේය.
ඉදිරියේදී පැවැත්විය හැකි පාර්ලිමේන්තු, පළාත් සභා හා ජනාධිපතිවරණය යන ඕනෑම මැතිවරණයකට සරිලන ලෙස රට පුරා වැඩසටහන් දියත් කරන බවත් හෙතෙම පවසා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956 වසරේදී මහජන එක්සත් පෙරමුණ ලෙස, 1960 වසරේදී සමගි පෙරමුණ ලෙස සහ අනතුරුව පොදුජන එක්සත් පෙරමුණ ලෙස හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස මැතිවරණවලට ඉදිරිපත් වී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
නැවත වරක් පුළුල් ජාතික සන්ධානයක් ගොඩනගන බවත්,එම සන්ධානය කඩිනමින් ප්‍රකාශයට පත්කරන බවත් මහලේකම්වරයා පවසා සිටියේය.

popular news
-
Saththaya Thursday, 29 November 2018 11:33 AM
දැන් ඉතින් පොලව යටට දාල වලදාළ ඉවරයි . මොන සන්දානය දාලත් ගොඩ ගන්න එක බොරු . පළමුව රට ගැන හිතුවානම් මේ දේ වෙන්නේ නැහැ . බල ලෝබය . රටේ මොනවාද වෙන්නේ , මහජනතාව ජීවත් වෙන හැටි බලන්න උවමනාවක් නැහැ . පවුල් පිටින් රජ කරන්න ගිහින් වෙච්ච දේ .
Reply : 0 351
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
