ශ්‍රී ලන්කන් 19දා කෝප් කමිටුවට
එයා බස් ගනුදෙනුව පිළිබද සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුවට ලබන 19 වන දා කැඳවන බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (COPE) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අද (12දා) පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවසීය.
මීට අමතරව ලබන 18 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශය ද 20 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද කෝප් කමිටුවට කැඳවනු ඇත.විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේදී කැඳවීමට යෝජනාවී තිබිණි.
ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ නිලධාරීහු අලුතින් පත්වූ නිලධාරි මඩුල්ලක් බැවින් මේ සම්බන්ධව අධ්‍යයනය කිරීමට කල් ඉල්ලා මෙම දිනය වෙනුවට වෙනත් ඉදිරි දිනයක් ලබා දෙන ලෙස ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබුණ ද කෝප් කමිටු සාමාජිකයන් විසින් එය ප්‍රතික්ෂේප කොට එදිනට (19දා) පැමිණෙන ලෙස දන්වා ඇති බව ද හදුන්නෙත්ති මහතා පැවසීය.
මීට පෙර කෝප් කමිටුවේ සාකච්ඡාවට බදුන්වු එයාර් බස් ගනුදෙනුව පිළිබද පසුගිය කාලයේ වැඩි කතා බහට ලක්වු බැවින් ශ්‍රි ලංකන් ගුවන් සමාගම ද කැදවා මේ පිළිබදව සාකච්ඡා කිරීමට කමිටුව තීරණය කළ බවත් මෙම එයා බස් ගනුදෙනුවට අදාළව වාර්තා දෙකක් ද පාර්ලිමේන්තුවට මීට පෙර කෝප් කමිටුව මගින් ඉදිරිපත් කළ බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
