ශ්‍රී ලකා ජනරජය කිව්වාම හොඳටම ඇති
ශ්‍රී ලංකාව හැඳින්වීමේදී ‘ශ්‍රී ලංකා ජනරජය’ නමින් හැඳින්වීම ප්‍රමාණවත් බව ජාතික හෙළ උරුමයේ අදහස වී ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රක සමාජවාදී ජනරජය ලෙසින් හැඳින්වෙන අතර එය ශ්‍රී ලංකා ජනරජය නමින් හැඳින්වීම ප්‍රමාණවත් බව අමාත්‍යවරයා සඳහන් කරයි.
මාතර වැලිගම වෙරළ උද්‍යානය නිරීක්ෂණ චාරිකාවකට සහ නාගරික සංවර්ධන මඟින් ඉදිකරන ලද නව මාළු වෙළඳසැල් වැලිගම නගර සභාවට පවරාදීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමෙන් අදහස් දැක්වූ අමාත්‍ය මනෝ ගනේෂන් මහතාද සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව හැඳින්වීමේදී ශ්‍රී ලංකා ජනරජය ලෙසින් පමණක් හැඳින්වීම සම්බන්ධයෙන් තමන්ද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාත් සමග එකඟ වන බවයි.
“අපේ පක්ෂයත් කියන්නේ මේ ප්රජාතන්ත්රවාදී සමාජවාදී ශ්‍රී ලංකා ජනරජය කියන එක වෙනුවට නිකම්ම ශ්‍රී ලංකා ජනරජය කියලා නම් කරන්න කියලා.
ඒක මේ නම වෙනස් කරන්න කියලා බොරු මගඩි කි‍්‍රයාදාමයකින් මාධ්‍යවලින් රට නොමග යනවා. ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදී, සමාජවාදී එහෙම නැත්නම් සමාජවාදී ප්රජාතන්ත්රවාදී කෑලි අතඇරලා ශ්‍රී ලංකා ජනරජය කියල හැඳුන්නුවහම හොඳටම ඇති’ යැයි පැවසීය.
Defining Sri Lanka as Republic of Sri Lanka is enough; i agree with colleague minister Champika @pcranawaka. Let us drop the decorations but be straight.
— Mano Ganesan (@ManoGanesan) February 1, 2019
#lka
popular news
-
Deepal Nirosh Friday, 01 February 2019 03:00 PM
ඕන නමක් දාගන්න, ව්‍යවස්ථා සංශෝධන නම් ගේනන එපා.
Reply : 0 5
Sampath Koralalage Friday, 01 February 2019 03:37 PM
දැන් ප්‍රජා ත්රන්තික සමාජවාදී ජනරජය කියනකොට පස්චාත් බාගේ ඉත්තෑවෝ දුවනවා වගේ සෙට් එකකුත් ඉන්නවා අපරාදේ කියන්න බෑ
Reply : 0 4
Champa Friday, 01 February 2019 09:08 PM
සුමන්තිරන් කියන ඔක්කොම හොඳයි. මේ වගේ සිංහල රට ඉල්ලනවටත් වඩා උඩින් දෙමළට දෙන්න හදන සිංහල බෙදුම්වාදීන්ට තමයි පළමු ගල ගහන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

