ශ්‍රී ලංකාවේ ලියාපදිංචි අංක සහිතව අත්හැර දැමුණු බෝට්ටුවක් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ තිබී හමුවීමත් සමග එහි ආරක්ෂක අංශ මේ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර තිබේ.
ඒ අනුව ක්රිෂ්ණාපට්නම් වරාය හා ශ්රීහරිකොට අභ්‍යාවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් දැනුවත් කිරිමට ආන්ද්‍රා පොලීසිය කටයුතු කර තිබේ.
පන්නපුඩි වෙරළට කිලෝමීටර් 4ක් පමණ දුරකින් වන මුහුදේ තිබී මෙම අත්හැර දැමුණු වේග බෝට්ටුව හමුව තිබේ.
යමහා එංජිමක් සවිකර තිබූ මෙම බොට්ටුවේ ලීටර් විස්සේ තෙල් කෑන් දෙකක්, ලීටර පහේ වතුර බෝතලයක්, පොරෝනයක් හා පානය කරන ලද දුම්වැටි කිහිපයක්ද තිබී ඇත.
