ශ්‍රී ලංකාවට පැමිණි ස්පෙක්ට්‍රම් ගුවන් යානය ආපසු ගමන් අරඹයි
ශ්‍රී ලංකාවට පැමිණ තිබූ භූ ගර්භ පරීක්ෂාවන් සිදු කළ හැකි දකුණු අප්‍රිකාවට අයත් " ස්පෙක්ට්‍රම් " ගුවන් යානය අද (9) දින උදෑසන මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ .
මෙම ගුවන් යානය දකුණු අප්‍රිකාවට අයත් " ස්පෙක්ට්‍රම් එයා ප්‍රොපටි " ගුවන් සමාගමට සතු එච්.සී.- 47 වර්ගයේ ගුවන් යානයකි .
මෙම ගුවන් යානය ඉකුත් 7/07 දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර , අද දින උදෑසන 10.30 ට මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ .
මෙම ගුවන් යානයේ කාර්යය මණ්ඩලය ලෙස තිදෙනකු පැමිණ තිබූ අතර , ඔවුන් දින තුනක නිවාඩුවකින් පසුව මෙසේ පිටත්ව ගොස් තිබේ .
මෙම ගුවන් යානය අහසේ පියාසලන අතරතුර පොළව අභ්‍යන්තරයේ ඇති මීටර් 800 ක දුරක් පරීක්ෂාවට ලක් කිරීමේ හැකියාවක් ඇති ගුවන් යානයකි .
කටුනායක ටි.කේ.පි කපිල

popular news
-
Champa Tuesday, 09 July 2019 06:38 PM
වැඩේ leak වෙච්ච නිසා රනිල් යවන්න ඇති ඉක්මනට. මේ වගේම වැඩක් කළා නොර්වේ නැවක් 2017 මාසයක්ද දෙකක්ද ලංකාව වටේ ගිහින් මුහුද යට scan කරලා images ගත්ත. මම ඒ දවස්වල ලිව්වා ඔය ඕක මහා බරපතල වැඩක්., ඉඩ දෙන්න එපා කියල. ඇහැව්වේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

