ශ්‍රී ලංකාව චීනයට වඩා ජපානයට ණයයි
ශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් ඩොලර් බිලිනය 2.87ක් එසේත් නොමැති නම් 10%ක් චීනයට ණය ඇති බවත්, ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ජපානයට ණය වී ඇති බවත් චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය පවසයි.
2017 වසර වන විට ශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් 12%ක් පමණ ජපානයෙන් ලබාගත් ණය වූ බවද එම පුවත් සේවය පෙන්වා දෙයි.
ලංකාවට ණය ලබාදීම සම්බන්ධයෙන් චීනයට දොස් පවරන බටහිර රටවල් ජපානයට දොස් නොනගන්නේ ඇයිදැයිද ඔවුන් විමසයි.
හම්බන්තොට වරාය ඉදිකිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා චීනයට ආරාධනා කරන්නේ මුලින්ම ඉන්දියාව එම යෝජනාව ප්‍රතික්ෂේප කළ නිසා බවත් එම පුවතේ දැක්වෙයි.
සංවර්ධනය වන රටවලට ණය ගැටලුවක් නොවන බවත්, එය හරියාකාරව කළමනාකරණය කරන්නේ නම් එම රටවලට සෞභාග්‍යය පවා ළඟා කරගත හැකි බවත් එම පුවතේ වැඩිදුරටත් දැක්වේ.

popular news
-
Deepal Nirosh Tuesday, 17 July 2018 03:49 PM
දැන් එහෙනම් ජපන් ෂිප්න් ලයින් සමාගම 2014 මහින්ද මැතිවරණ අරමුදලට කීයක් පැර කළා ද කියා හොයන්න වේවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

