විනය ගරුක හා කුසලතාවලින් පිරිපුන් ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාවක් ගොඩනැගීම ඇරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය ස්ථාපිත කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේය.
තරුණ තරුණියන් සමාජ සේවා කටයුතු සහ ප්‍රජා සංවර්ධන කටයුතු සඳහා දිරි ගැන්වීම මගින් ඔවුන් අතර නායකත්වය හා පෞරුෂ සංවර්ධනය තුළින් කණ්ඩායම් හැඟීම් ජනිත කිරීම යුගයේ අවශ්‍යතාව වී ඇති බවද රජය නිවේදනය කරයි.
