ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බවට විවාදයක් නෑ
ශ්‍රී ලංකාව කියන්නේ බෞද්ධයන්ගේ රටක් බවත් ඒක අපි කාටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි බව කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පි. හැරිසන් මහතා පවසයි.
අනුරාධපුර බටහිර ආසනයේ අඩු ආදායම්ලාබී පවුල් වෙත නව සමෘද්ධි හිමිකම්පත් 2000ක් බෙදා දීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
පසුගිය කාලය පුරාම අපි පැහැදිලිව කිව්වා අදාළ ඇමතිවරුන්ට විරුද්ධව මොනවහරි පැමිණිල්ලක තියෙනවා නම් සී.අයි.ඩී. එකට හරි පොලීසියට හරි ඉදිරිපත් කරන්න කියලා. හැබැයි ඉතින් ඒකට ඉදිරිපත් වුණේ නැ. ඒ මන්ත්‍රීවරු වෙනුවෙන් සමහර අහිංසක මුස්ලිම් ජනතාවටත් ප්‍රතිවිපාක විදින්න වුණා. ඒ නිසා මං හිතන්නේ ඒගොල්ලන්ගේ වගකීම තියෙනවා සියලු මුස්ලිම් ජාතිය ආරක්ෂා කිරීමට. තනතුරු වරප්‍රසාද අතහැරලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කාලයක් දීලා තියෙනවා. පොලීසියෙන් වෙනම කමිටුවකුත් පත් කරලා තියෙනවා. කාටහරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ඕනම කෙනෙකුට විරුද්ධව පැමිණිලි තියෙනවා නම් ඒක නිරාකරණය කරන්නඕන. නැත්නම් හැමදාම ඒ අය තාඩන පීඩනවලට ලක්වෙනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ පාර්ශවවල චෝදනා එල්ල වෙලා තිබුණා. සමහරු පුද්ගලිකව අධිකරණයට පැමිණිලි කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත්කරලා තියෙනවා. ඒ වාර්තාව සම්පූර්ණ වු වහාම මෙහි සැබෑම තත්ත්වය රටට හෙළි කරන්න පුළුවන්.
ඒ වගේම ආණ්ඩුව වෙනුවෙන් විශ්වාසභංගයක් ගෙනැල්ලා තියෙනවා. ඒ විශ්වාසභංගය වෙනුවෙන් කඩිනමින්ම දින ගන්න කියලා ඉල්ලලා තියෙනවා. අපි ඒකට ලැස්තියි.
දැන් එජාපයේ ව්‍යාපාරිකයෙකු ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස නම් කරලා තියෙන කාරණේ මාධ්‍ය විසින් නිර්මාණය කරන දෙයක්. අපි තාම තීරණයක් අරන් නැහැ. අපි එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ හැටියටත් ජනාධිපතිවරණය ගැසට් කළාට පස්සේ කථා කරලා අපේ අපේක්ෂකයා ඉදිරිපත් කරනවා යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි

popular news
-
Champa Saturday, 08 June 2019 10:42 AM
බය වෙලා.
Reply : 0 0
daham Saturday, 08 June 2019 02:00 PM
ශ්‍රී ලංකාව යනු බෞද්ධයෝ වැඩි පිරිසක් ඉන්න රට මිස බෞද්ධ රටක් බව මම නොදනිමි .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

