ශ්‍රිලනිපයෙන් ජනපතිට විශේෂ සංදේශයක්
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විශේෂ සංදේශයක් ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.
ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ විරෝධී පිරිස සමඟ පුළුල් ප්රගතිශීලි සන්ධානයකට එළැඹීමටත්, එම සන්ධානය බිහි කිරීමෙහිලා නායකත්වය ගන්නා ලෙසත් එම සංදේශය මඟින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිබේ.
අද (06) දහවල් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, දුෂ්මන්ත මිත්‍රපාල, ශ්‍රීයානි විජේවික්‍රම, මොහාන් ලාල් ග්‍රේරු, ශාන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම එම සංදේශය ජනාධිපතිතුමා වෙත භාර දෙන ලදී.

popular news
-
Champa Thursday, 06 June 2019 06:02 PM
හූඌඌඌඌ අපූරු සන්ධානේ. ප්රගතිශීලි සන්ධානේ නෙමෙයි "රට පාවාදුන්නන්න්ගේ සන්ධානේ" එහෙම නැත්නම් "ජාතිද්‍රෝහීන්ගේ සන්ධානේ" කියල නම දාගත්තනම් තමයි හොඳ. එක්සත් ජාතික පක්ෂ විරෝධිලු. හා හා හා රටේ තියෙන්නේ මුළු වහල් පාලන ක්‍රමයටම විරෝධයක්. 2015 පෙබරවාරි 18 යමපාලන ජනාධිපති අගමැති ඇතුළු යහපාලන ආණ්ඩුවට විරුද්ධව නුගේගොඩින් පටන් ගත්ත මහා ජනතා සටන, රාජපක්ෂ මහත්වරු 2018 පාවල දුන්නට ජනතාව කිසිම දවසක රට පාවා දුන්නු රණවිරුවන් පාවා දුන්නු රටේ සම්පත් විකුනපු වහල් ආණ්ඩුවේ ජනාධිපති අගැමති මැති ඇමතිවරු මන්ත්‍රීවරු කිසි කෙනෙකුට සමාව දෙන්නේ නැහැ. දේශපාලකයෝ බල ලෝභය වෙනුවෙන් කලින් කලට විවිධ වෙස් ගත්තට ජනතාව 2015 කියපු එකමයි අදටත් කියන්නේ. කිසි වෙනසක් නැහැ. ඇත්තම කිව්වොත් රටට මෙවුන්ගෙන් වැඩක් නැහැ. Retire වෙයල්ලා හෙවත් මකබෑ වෙයල්ලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

