ශ්‍රිලනිපය පාවාදෙන්න කිසිවෙකුටවත් ඉඩ දෙන්නේ නෑ - දයාසිරි
සුරැකීමේ සංවිධාන අටවා ගෙන ලංකා නිදහස් පක්ෂය කිසිවෙකුටත් පාවා දෙන්න ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඊයේ (3) සවස සෙංකඩගල මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින් දයාසිරි ජයසේකර මහතා මෙසේ පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු දයාසිරි ජයසේකර මහතා,
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කියල එකක් අටවා ගෙන සජිත් ප්‍රේමදාස මහතාට උදවු කරන්න චන්ද්රි කා මහත්මිය උත්සාහ කරනවා. එක්සත් ජාතික පක්ෂයට උදවු කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්න පුළුවන්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්න අපි ඉන්නවා. අපි මේ පක්ෂය කාටවත් විකුණලා නෑ. අපි හරි තීන්දුව හරි අතට හරි වෙලාවට අර ගෙන තියෙන්නේ.
චන්ද්‍රිකා මහත්මියට මහින්ද රාජපක්ෂ මහතා සමඟ තියෙන පුද්ගලික වෛරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළිද? ශ්‍රී ලංකා කාරයින්ට වුවමනා නෑ යූ එන්.පිය දිනවන්න. නමුත් තියෙන වෛරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් කඩන්නයි චන්ද්‍රිකා මහත්මිය මේ උත්සාහ කරන්නේ. චන්ද්‍රකා මහත්මිය මම ගරු කරන නායිකාවක් නමුත් මේ කරන වැඩේ වැරදියි. මේ වැටිල තියෙන පක්ෂය තවදුරටත් කඩලා විනාශ කරලා දාන්න අපිට වුවමනාවක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කියලා සංවිධානයක් අටවා ගෙන මේ කරන්නේ පක්ෂයට බරපතළ හානියක්. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නේ නෑ. මේ වගේ අවස්ථාවක පාක්ෂිකයින් කරුණු හතරක් කිව්වා.
කට්ටියක් කිව්වා අපි තනියම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරමු කියලා කිව්වා. තවත් සමහරු කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙමු කියලා. තවත් සමහරු කිව්වා සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙමු කියලා. තවත් සමහරු කිව්වා අපි කිසිවක් නොකර ඉමු කියලා. නිකම් හිටියොත් මොකද වෙන්නේ කොටසක් පොහොට්ටුවට යනවා. තවත් කොටසක් එජාපයට යනවා. අපි අද ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන්න ගත්ත තීරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමට ගත්ත තීරණයක්. අපේ පක්ෂයේ ගමන් මාර්ගය මොකද්ද? අපිට වමේ මැද මාවතේ ප්‍රගතිශිලි දේශපාලන ව්‍යාපාරයක් තියෙන්නේ. එදා බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුවේ අන්ත දක්ෂිණාංශික එජාපයටත් අන්ත මාක්ස්වාදයටත් එරෙහිව මැද මාවතේ ගමනක් යාම සඳහායි. අපි ඉන්න ඕන ඒ අරමුණ කරා යන පිරිසත් එක්කයි. අපිට උඩුගම් බලා පීනන්න බෑ. මහින්ද මහත්තයත් එක්ක තරහ වෙලා සජිත් මහත්තයට සහාය දීලා මේ ප්රශ්නය විසඳන්න බෑ” යැයිද ශ්‍රී ලංකා නිදහස්ප ක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙහිදී පැවසීය.
මහනුවර - මෙහොමඩ් ආසික්

popular news
-
Champa Monday, 04 November 2019 01:12 PM
මොනවා? හැයි මතක නැත්ද අවුරුදු 4ක් තිස්සේ ශ්රීලනිපය යූඑන්පී එකට පාවල දුන්න මෛත්‍රී සහ චන්ද්‍රිකා එක්ක එකතු වෙලා? දැන් චන්ද්‍රිකා මෛත්‍රී නැතුව ඒ දේම කරනවා. කොහොමත් එකයි. ශ්‍රීලනිපේ සභාපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණෙට ඉල්ලනකොට ඊට විරුද්ධව ඒකෙම ලේකම් මෛත්‍රිපාල සිරිසේන යූඑන්පී එකත් එක්ක එකතු වෙලා චන්දෙ ඉල්ලලා ශ්‍රීලනිපේ සභාපතිව පැරද්දුව මතක නැත්ද? මහින්ද forgive and forget කලාට අපි ළඟ නම් ඒවා නැහැ.
Reply : 3 12
Dayan Monday, 04 November 2019 01:29 PM
මෙතුමා කොහෙද හිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රකින්න දැන් කතා කලට. ස්වාර්ථය ගැන පමණක් හිතන අය. තව ටික කාලයක් තමය් ඔයාලට තියෙන්නේ.
Reply : 0 1
Nandana Monday, 04 November 2019 09:37 PM
කිරි කජු කොල්ලන්ගේ බොළඳ කතා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

