ශ්‍රිපාද වන්දනා නඩයකට නුසුදුසු ආහාර දුන් වෙළඳසැලකට වැඩ වරදි
ශ්‍රිපාද වන්දනාවේ පැමිණි වන්දනා නඩයකට පණුවන් සහිත ආහාර ලබා දුන් ආපන ශාලාවක් අද (15) දින මුද්‍රා තැබු බව නල්ලතන්නිය මහජන සෞඛ්‍යය පරික්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසුහ.
කුරුණැගල සිට පැමිණි 12 දෙනෙකුගෙන් සමන්විත වන්දනා නඩයක් ශ්‍රි පාදස්ථානය කරුණා කර අද (15) දින උදැසන නල්ලතන්නියට පැමිණ උදැසන ආහාර ලබා ගැනිම සදහා නල්ලතන්නිය නගරයේ ආපන ශාලාවක් වෙත ගොස් ඇත.
එහිදි වන්දනා නඩයේ ඉල්ලිම පරිදි උදැසන ආහාරය සදහා බත් , ව්‍යාංජන සමග කුකුල් මස්ද ලබා දි තිබු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කියා සිටියේ.
උදැසන ආහාරය සදහා බත් සමග ලබා දුන් කුකුල් මස් වල සිටි පණුවන් පිඟන් මත දඟලමින් සිටි නිසා ආහාර ඇණවුම් කල වන්දනා නඩය විසින් ඇණවුම් කල ආහාර පාන විසි කර දමා එ පිළිබදව නල්ලතන්නිය පොලීසිය වෙත සහ නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වෙත දැනුම් දි ඇත.
වහා ක්‍රියාත්මක වු නල්ලතන්නිය පොලීසියේ නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පණුවන් සහිත තිබු කුකුල් මස් ව්‍යංජනය ඔවුන් භාරයට ගෙන පිසිමට සුදානම් කිරිමට තිබු තවත් කුකුල් මස් තොගයක්ද විනාශ කර දමා එම ආපන ශාලාවට මුද්‍රා තබා ආපනශාලා හිමියා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් භාරයට ගෙන බැදුම්කරයක් මත මුදා හැර ඇත.
එම ආපනශාලා හිමියාට එරෙහිව හෙට (16) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන බවයි නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.
එම සිද්ධියට මුහුණ පෑ ශ්‍රි පාද වන්දනා නඩය අප සමග අදහස් දක්වමින් කියා සිටියේ තමන් 12 දෙනෙකුට ආහාර ඇණවුම් කල බවත්, එම ඇණවුම අනුව ආපන ශාලා හිමියා විසින් ලබා දුන් කුකුල් මස් ව්‍යාංජනයේ පණුවන් සිටිම සම්බන්ධයෙන් ආපන ශාලා හිමියා දැනුවත් කළද ඔහු පිළිබදව කිසිදු තැකිමක් නොකල බවයි.
පසුව එ බව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයට සහ නල්ලතන්නිය පොලීසිය වෙත දැනුම් දුන් බව එම වන්දනා නඩයේ පිරිස අප සමග කියා සිටියේය.
නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ ශ්‍රි පාද වන්දනා සමයේදි වන්දනාකරුවන් ගුණාත්මක ආහාර පාන ලබා දිම සම්බන්ධයෙන් නල්ලතන්නිය නගරයේ සියලුම ආපනශාලා සහ වෙළඳසැල් හිමියන් දැනුවත් කර සතිපතා එම වෙළඳසැල් සහ ආපන ශාලා පිළිබඳව වාර්තාවක් ලබා ගන්නා බවයි.

-
Dayan Wednesday, 15 January 2020 08:04 PM
කුකුල් මස් කනවනම් පනුවෝ කෑවාට මොකද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

