ශ්‍රී ලංකාවේ හජ් වන්දනා කෝටාව වැඩි කිරිම සෞදි රජය කටයුතු කර තිබේ. ඒ අනුව දැනට පවතින කෝටාව 3500 සිට 4000 දක්වා තවත් 500කින් වැඩි කර තිබේ.
අරාබි පුවත් සේවයට අදහස් දක්වා ඇති ශ්‍රී ලංකාවේ තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය මොහොමඩ් හලීම් මහතා සඳහන් කර ඇත්තේ ඒ පිළිබඳව සෞදි රජයට ස්තූතිය ප්‍රකාශ කරන බවයි.
මෙම නව කෝටාව දැනට හජ් වන්දනාව සඳහා අමාත්‍යාංශය පොරොත්තු ලේඛනයේ සිටින වන්දනාකරුවන් වෙනුවෙන් බෙදා දීමට බලාපොතේතුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.