ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය අභියස
- 17 08 2019
- 19:37
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
සංචාරක නවසීලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 268ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රි ලංකා කණ්ඩායම සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිවුවැනි දිනයට තරගය නිමා කරන විට කිසිවෙකු නොදැවි ලකුණු 133ක් රැස්කරගෙන සිටියි.
ආරම්භක පිතිකරු නායක දිමුත් කරුණාරත්න 71*හා ළහිරු තිරිමාන්න 57* ලෙස ලකුණු රැස්කරගෙන පිටියේ රැඳී සිටිති.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 249ක් රැස්කළ අතර පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 267ක් රැස්කළේය.
නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකළ නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 285ක් රැස්කළේය.
නවසීලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් බී.ජේ. වොට්ලින් ලකුණු 77ක් රැස්කළ අතර ටොම් ලේතම් ලකුණු 45ක් රැස්කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් ඇඹුල්දෙණිය 4/99 හා ධනංජයද සිල්වා 3/25 ලෙස පන්දුවෙන් දක්ෂතා දැක්වූහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
