ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය අවම මුදල් ප්‍රමාණය හෝ සපයා ගැනීමේ අපහසුතාව මත ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑමට නොහැකි අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාවට අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ නිලධාරීන් කැඳවා තිබූ අතර, එහිදී සිදුකරන ලද පරීක්ෂණවලදී මේ බව අනාවරණය වී ඇත.
මෙම සමාගම පවත්වාගෙන යෑම සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 900ක මුදලක් අවශ්‍ය බවට ශ්‍රී ලංකන් සමාගමේ නිලධාරීන් කෝප් කමිටුව හමුවේ පැහැදිලි කර තිබේ.
ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමට එයාර් බස් ගෙන්වීමේදී සිදුව ඇති මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සඳහා කිහිප අවස්ථාවකදීම ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොප් කමිටුවට කැඳවා ඇත.
එම පරීක්ෂණවලට අනුව මේ වනවිට ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම පවත්වාගෙන යෑමට නොහැකි මට්ටමේ මූල්‍ය අර්බුදයක ගිලී ඇතැයි අනාවරණය වී තිබේ.
එමෙන්ම මේ වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ණය පදනම මත ඉන්ධන ලබාදීම හේතුවෙන් ශ්‍රී ලංකන් සමාගමට යම් සහනයක් ලැබෙන බවද කෝප් කමිටුව අනාවරණය කරගෙන ඇත.
කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු කොප් කමිටු සාමාජිකයන් විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් පරීක්ෂණය පවත්වා තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ඉදිරියේදී වාර්තා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කෝප් කමිටුව කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.