ශක්තිමත් රජයක් බලයට ආ පසු ජනතාවට අවශ්‍ය පරිදි පහසුකම් දෙනවා - ඇමති නිමල්
දැනට පවතින තත්වය අනුව සංවර්ධන කටයුතු සදහා මුදල් ලබා ගැනීම අපහසු බැවින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශක්තිමත් රජයක් පත් කර ගැනීමෙන් පසුව ජනතාවට අවශ්‍ය පරිදි පහසුකම් ලබාදීමට කටයුතු කරන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි
බදුල්ල, හාලිඇළ මැතිවරණ කොට්ඨාශයේ මාර්ග හතරක් කොන්ක්‍රිට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කරනුයේ වතුකරයේ ජනතාවට පවතින සනීපාරක්ෂක ප්‍රශ්න ඇතුළු පොදු පහසුකම් විසදීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හාලි ඇළ ඇටම්පිටිය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීම සදහා පැමිණි අවස්ථාවේදී වතුකරයේ ජනතාවට පවතින ගැටළු සම්බන්ධයෙන් එතුමා දැනුවත් කළ බවත් අමාත්‍යවරයා සදහන් කළේය.


popular news
-
ranjith Tuesday, 18 February 2020 08:02 PM
ප්‍රදෙසිය සබැ ඉල්ලුව ජන්ධිපතිකම දෙන්න කියල ඉල්ලුව දෙන තව බලේ ඉල්ලනවා තියෙන බලෙන් ජනතාවට සහන නොදී ජනතාව ගොනාට අන්දන්නද හදන්නේ
Reply : 0 0
rocky Wednesday, 19 February 2020 08:24 AM
ශක්තිමත් රජයක්? අපොයි, එහෙම එකක් ආවොත් ඒක නම් ඒ ගොල්ලන්ටම මිස ජනතාවට හොඳට හිටින්නේ නැහැ. කොහොමටත් දැන් නම් ශක්තිමත් රජයක් කල්පෙකට වත් බලාපොරොත්තු වෙන්න බැහැ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
