වෛරී ප්‍රකාශ කළත් දැඩි දඬුවම්
වෛරී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගැනීමට හැකිවනු පිණිස දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබි තිබේ.
ඒ අනුව විවධ ජනවාර්ගික හා ආගමික කොටස් අතර සාමය හා සහජීවනය පවත්වාගෙන යාමටත්, රාජ්‍ය ආරක්ෂාවටත් බාධා වන ආකාරයෙන් වෛරී ප්‍රකාශ කරන තැනැත්තෙකු සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකිවන පරිදි මෙසේ දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට නියමිතය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කළ ඉල්ලිමක් අනුව මෙම සංශෝධන සිදුකිරීමට නියමිතව තිබේ.
මේ හරහා එම වරද සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වන තැනැත්තෙකුට දඩ මුදලක් හෝ සිර දඬුවමක් නියම කිරීමට හැකිවන පරිදි දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට වැඩබලන අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

popular news
-
Champa Thursday, 06 June 2019 08:50 AM
හරි එහෙනම් ගෙදරින්ම පටන් ගම්මු. මංගලගේ වෛරී ප්‍රකාශයට නඩු දාමු ඉස්සෙල්ලම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

