වෛද්‍ය සාෆි ගැන පරික්ෂණ කරන්න පර්යේෂණ කමිටුවක් පත්කරන්න
වෛද්‍ය ෂාෆි ෂිහාබ්දින් සිදුකළ සිසේරියන් සැත්කම්වලදී වන්ධ්‍යාකරණයට ලක්වූ බවට මවුවරුන් සිදුකර තිබෙන පැමිණිලි පිළිබඳ සොයා බැලීමට මුලින්ම පර්යේෂණ කමිටුවක් පත්කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
පොලීසියට අදාළ පැමිණිලි භාරගැනීමට හැකියාව තිබුණද, විද්‍යාත්මක පරීක්ෂණයක් කිරීමට පොලීසියට හැකියාවක් නොමැති බවත්, විද්‍යාත්මක පරීක්ෂාවකට පෙර ස්වාධීන පර්යේෂණ කමිටුවක් පත්කළ යුතු බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා පැවසීය.
වඳභාවයට ලක්ව තිබේද යන්න සොයා බැලීමට ලංකාව තුළ පහසුකම් තිබෙන බවත්, එහෙත් එම පරීක්ෂාව සිදුකළ යුත්තේ මවුවරුන් අගතියට පත්නොවන ආකාරයට බවත් අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා පවසා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් තම සංගමය පත්කළ කමිටුවටත් රෝහල හරහා මවුවරුන්ගේ පැමිණිලි ලබාගෙන ඒ පිළිබඳ සොයා බැලීමක් සිදුකරන බවද සහකාර ලේකම්වරයා සඳහන් කර සිටියේය.
වන්ධ්‍යාකරණයට ලක්වූ බවට මවුවරුන් හයසීයකට ආසන්න ප්‍රමාණයක් පැමිණිලි කර තිබෙන බවට වාර්තා වන බවත්, එය සැලකිය යුතු පැමිණිලි ප්‍රමාණයක් බවත් ඒ මහතා පවසා සිටියේය.
පැමිණිලි සිදුකර ඇති මවුවරුන් වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීමේදී ඔවුන් අගතියට පත් වුවහොත් එය මවුවරුන්ට සිදුකරන අසාධාරණයක් බැවින් ප්‍රථමයෙන් ස්වාධීන පරීක්ෂණ කමිටුවකට අදාළ ගැටලු යොමුකර අනතුරුව වෛද්‍යවරුන් විසින් පරීක්ෂණ කටයුතු සිදුකළ යුතු බවත් වෛද්‍ය නවින්ද සොයිසා මහතා පැවසීය.

popular news
-
Champa Tuesday, 04 June 2019 09:47 AM
මුස්ලිම් දොස්තර ඔච්චර සිසේරියන් සැත්කම් කරන කම් ඔය ඉස්පිරිතාලේ හිටපු සිංහල දොස්තරවරු සහ හෙදියෝ මොකොද කලේ? අසීමිත ගානක් වුනහම ඕනේ කෙනෙකුට සක හිතෙනවනෙ. අනිත් එක හම්බ වෙන්න ඉස්පිරිතාලෙට ආවට පස්සේ සිසේරියන් කරන්න ගන්න එක අස්වාභාවිකයි. එක්කෙනක් දෙන්නෙක් නෙමෙයිනේ. ඕනේ කෙනෙකුට සැක හිතෙනවා. සිසේරියන්ම කරන්න මොකක් නමුත් යටි අරමුණක් තිබ්බද කියල. මට තියෙන ප්‍රශ්නේ ඔය ඉස්පිරිතාලේ හිටියේ ඔය දොස්තර විතරද? ඇයි මෙච්චර දෙයක් වෙද්දී සද්ද නැතුව හිටියේ. මේක ගැන හෙව්වත් නැතත් සිංහල මිනිස්සුන් ආයේ මුස්ලිම් දොස්තරලා ගෑනු පිරිමි දෙගොල්ල ගාවටම යන්නේ නැහැ. ඒක නම් ෂුවර්.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

