වෙල්යායක දමා ගිය සිඟිති දියණියගේ මව පියා මිත්තනිය අත්අඩංගුවට
මඩොල්සිම මැටිගහතැන්න ගම්මානයේ අමුණේවත්ත වෙල්යායක සිඟිති දැරියක් දමා යාමේ සිද්ධියක්ස ම්බන්ධයෙන් සැකපිට තිදෙදෙනකු ඊයේ (13 ) දින සවස අත්අඩංගුවට ගත් බව මඩොල්සිම පොලීසිය පවසයි.
මැටිගහතැන්න ගම්මානයේ පදිංචි ආර්.එම් විමල්ෂා සල්මනී නැමති මාස විස්සක් වයසැති දැරියක වෙල්යායේ අඬමින් සිටියදී ගැමියන් පිරිසක් සොයාගෙන තිබේ.
ගැමියන් පිරිසක් අමුණේවත්ත වෙල්යාය මැදින් යද්දී රෙදි බෑගයක් සමඟ වෙලේ තනිවම සිටි සිඟිති දැරිය දැක පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු පැමිණි නිලධාරීන් සිදු කළ විමර්ශන වලින් අනතුරුව සිද්ධියට සම්බන්ධ දැරියගේ මව, පියා හා මිත්තනිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මව,පියා හා මිත්තනිය යන තිදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සිඟිත්තිය මෙලෙස දමා ගොස් ඇතැයි පොලීසිය පවසයි.
මඩොල්සිම පොලීස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.ඩබිලිව් ලොකුදඩල්ල මහතාගේ උපදෙස් මත නිලධාරීන් පරීක්ෂණ පවත්වති.

popular news
-
Kumar Thursday, 14 November 2019 09:57 PM
සිගිත්ත මරන්නේ නැතිව දමල ගියාට පින් ලැබෙන්න ඕනෙ. දරුවන් නැති අය ඕන තරම් ඉන්නවා.ඒ දරුවා ආදරයෙන් හදාගන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

