වෙල්ගම ස්වාධීන වෙයි
නව ආණ්ඩු පාර්ශ්වය සමග කටයුතු කිරීමට තමන් අකමැති බැවින් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශව හා අගමැති මහින්ද රාජක්ෂ මහතාගේ පාර්ශ්වය ඒක්වීමට සාකච්ඡා කරන අවස්ථාවේදීම තමන් මේ බව පැවැසූ බවත් ඔවුන් සමග එක්ව වැඩ කිරීමට අකමැති බවත් වෙල්ගම මහතා සඳහන් කළේය.
අගමැති පත්කිරීම ව්‍යවස්ථානුකූලව සිදුකිරීමට තිබුණ බව පැවැසූ මන්ත්‍රීවරයා “ මම මාධ්‍යයට කතා නොකර ඉන්න හිටියේ නමුත් තිබෙන තත්ත්වය අනුව දැන් කතා කළ යුතුයි කියා හිතුවා. දැන් අගමැතිවරු දෙන්නෙක් ඉන්නවා.
එක්කෙනෙක් අගමැති කාර්යාලයේ අනිත් කෙනා අරලියහග මන්දිරියේ. හරි අගමැති කවුද කියලා මිනිස්සු දන්නේ නැතිව අන්දමන්ද වෙලා ඉන්නේ. මම සතුටුවෙනවා මහින්ද මහත්තයා පත්කළ එකට. නමුත් මීට වැඩිය හොඳ විදිහට අපිට මේක විසඳගන්න තිබණා. රට හරියාකාරව ගෙනියන්න නම් අගමැති කවුද කියලා හරියට තෝර ගන්න වෙනවා.
අපට අණ්ඩුක්රම ව්‍යවස්ථාවක් තිබෙනවා. ඒ අනුවනේ අපි කටයුතු කරන්න ඕන. මහින්ද මහත්තයට 113ක් තයෙනවා කියලා පෙන්නුවානම් ඉවරයිනේ. රට දුවන්නේ ව්‍යවස්ථාවට අනුවනේ.
මේ ක්‍රමයට මම කැමති නෑ. මහින්ද මහත්තයට 113 පෙන්නන්න අවශ්‍ය ඡන්දය මම දෙනවා. නමුත් මේ ආණ්ඩුවේ රෙද්දක් ඇඳගෙන වාඩිවෙන්න මට බෑ. මේ කණ්ඩායමත් සමග ඇමතිකම් ගන්න බෑ. ඊට වැඩිය හොඳයි ස්වාධීන වෙන එක ” යැයි පැවැසීය.
popular news
-
Champa Thursday, 08 November 2018 09:09 AM
Excellent ! ඔන්න ඔහොම කෙලින් වැඩ කරන්න.
Reply : 2 4
සෙනෙවි Thursday, 08 November 2018 09:39 AM
ස්ත්‍රී ලෝලී සෙල්ලක්කාරයෙකුට ව්‍යවස්ථාවක් ගැන හොයන්න වෙලාවක් තියෙනවද ?
Reply : 26 6
Champa Thursday, 08 November 2018 01:05 PM
දේශපාලකයන්ගේ පෞද්ගලික ජීවිත මිනිස්සුන්ට වැඩක් නැහැ. මිනිස්සුන්ට වැදගත් දේශපාලන ජීවිත විතරයි. ඔහොම බැලුවොත් ඉතින් පාර්ලිමේන්තුවේ 90% ක් විතර ඉන්නේ ස්ත්‍රී සහ ජනාධිපතිතුමා කියපු විදිහට සමනල ලෝලියෝ. කලින් හොඳට හිටපු මිනිස්ස්ත් පාර්ලිමේන්තු ගියපුවහම libido එක වැඩි වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අපේ පාර්ලිමේන්තුවේ. ඒ විතරක්ද කලින් පයින් හරි බස් එකේ හරි නැත්නම් Toyota එකේ හරි ගිය මිනිහට පාර්ලිමේන්තු ගියපු ගමන් Cadillac නැතුව යන්න බැරි වෙනවා. කොන්ද රිදෙනවලු. තව බත් කාල වතුර බිබී හිටපු මිනිස්සුන්ට පාර්ලිමේන්තු ගියාට පස්සේ බත් කාල sprite බොන්න නැතුව බැරි වෙනවා. ඕනනම් තවත් කියන්න පුළුවන්. ඒ හින්ද 90% න් එක්කෙනෙක් අරන් පහර ගහන එක හරි නෑ.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

