වෙන්නප්පුව පොල්තෙල් බවුසර් වල පිළිකා කාරක
වෙන්නප්පුව ප්‍රදේශයේ තෙල් මෝලක සඟවා තිබූ පිරිපහදු නොකළ පොල්තෙල් බවුසර දෙක තුළ ඇති පොල්තෙල් වල ද "ඇල්ෆාටොක්සීන් " නැමැති පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය අඩංගු වී පවතින බව තහවුරු වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා අද (08දා) පැවසීය.
මෙම පිරිපහදු නොකළ පොල් තෙල් බවුසර දෙක වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා රේගුව වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාරදී තිබුණි රේගුව විසින් මෙම බවුසර් තුළ ඇති පිරිපහදු නොකළ පොල්තෙල් වල " ඇල්ෆාටොක්සීන් " නැමැති පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය තිබේ දැයි පරික්ෂා කර බලා , වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත භාරදී තිබුණි.
ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදු කරන ලද පරීක්ෂණ වල දී , මෙම පොල්තෙල් තුළ " ඇල්ෆාටොක්සීන් " නැමැති පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය අඩංගු වී පවතින බවට තමන් වෙත තොරතුරු වාර්තා වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

