වෙඩි නොවදින වාහන ගෙන්වන්නේ නෑ - සජිත්
ඉදිරියේදී බිහිවන ජනාධිපතිවරුන් ගණනාවකට ප්‍රමාණවත් වෙඩි නොවදින වාහන මේ වන විටත් රට තුළ පවතින බැවින්, ජනතා මුදල් වැයකර වෙඩි නොවදින වාහන ගෙන්වීමට තමන් කිසිවිටක කටයුතු නොකරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ දිස්ත්‍රික්කයේ, හෝමාගම ඉදිකළ මවුන්ට් ක්ලිෆර්ඩ් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (17දා) දින සහභාගී වෙමිනි.
මනුෂ්‍යත්වයට මුල්තැන ලබා දෙමින් සියලු ජනතාවට සෙත සැළසෙන නූතන විප්ලවීය සංවර්ධන යුගයක් ඉදිරියේදී රටතුළ නිර්මාණය කරන බවද අමාත්‍යවරයා පැවැසීය.
රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන විටත්, සංවර්ධන වැඩපිළිවෙල නිර්මාණය කරන විටත් පොදු අරමුණක සිට සියලු ජනතාවගේ සුභසිද්ධිය උදෙසා තීන්දු තීරණ ගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය පාලන තන්ත්රය තුළ වියදම් කළමනාකරණයට ඕනෑ තරම් ඉඩ ප්රස්ථා පවතින බවත්, ජනතාව විසින් ගෙවනු ලබන බදු මුදල් ජනතාවගේ සුභසිද්ධිය සඳහා පමණක් වැය කිරීමට තමන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

popular news
-
Sratha Wimalaweera Tuesday, 17 September 2019 05:29 PM
පක්ෂයෙන් තාම පත් කර නැහැ නේද? පොඩ්ඩක් ඉන්න පත් කරනකන්
Reply : 0 5
කෝලිත Tuesday, 17 September 2019 07:42 PM
මෙලෝ දෙයක් දන්නෙ නෑ...වෙඩි නොවදින වාහනවල වැඩි ආයුශ නැහැ...කෙටි කාලයකින් සේවයෙන් අයින් කරන්න වෙනව.කාලෙන් කාලට අලුතෙන් ගන්න වෙනව.
Reply : 0 4
Bandula. Wednesday, 18 September 2019 01:12 PM
අනේ අපි දන්නෙත් නැහැ! දැන් මෙතුමා ජනාදිපති වෙලාද? වෙඩි නොවදින කාර් ගෙනෙන්නේ නැහැ කියන්නේ, අනේ හොදඊ.
Reply : 0 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

