රත්ගම පොලිස් වසමේ කැකිල්ල මණ්ඩිය වඩුමඩුව අසලදී සිදු වු වෙඩි තැබීමකින් 26 හැවිරිදි විවාහක පුද්ගලයෙක් මියගොස් ඇතැයි රත්ගම පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ වැවදෙණිය කපුමුල්ල රත්ගම ප්රදේශයේ පදිංචි අයෙක් වන අරුමාහන්දී සමීර චන්දිමාල් නැමැත්තෙකි.
මොහු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙක් බවද පොලීසිය පවසයි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.
මෙම වෙඩි තැබීම කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර රත්ගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
