වෘත්තීය සමිති ක්‍රියාකාරින් හා ජනපති අතර හමුවක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ප්රගතිශීලි වෘත්තීය සමිති සම්මේලන නියෝජිතයන් අතර සුහද හමුවක් ඊයේ (15) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණ.
ප්රගතිශීලි වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ප්රගතිශීලි රාජ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ඇතුළු වෘත්තීය සමිති රැසක ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිහූ ඊට එක්ව සිටියහ.
වෘත්තීය සමිති මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් දිම කෙරෙහි තමා අවධානය යොමුකර ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.
සුළු පිරිසකගෙන් එල්ල වන බාධා නොතකා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනයට රජය කැපවී සිටී. සම්ප්‍රදායික වෘත්තීය ක්‍රියාකාරකම් වෙනුවට ජනතා අභිවෘද්ධියට ඉවහල්වන සංකල්පමය වෙනසක් සියලු වෘත්තීය සමිති වලින් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරුද හමුවට සහභාගී වූහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
