වී ගබඩා කිරීමෙන් වූ හානිය ගණනය කිරීමේ කොමිසම මත්තලට
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් භාණ්ඩ රඳවුම් පර්යන්තයේ වී ගබඩා කිරීම හේතුවෙන් ගුවන් තොටුපොළට සිදුවූ හානිය ගණනය කිරීම සඳහා ජනාධිපති කොමිසන් සභාවේ නිලධාරීන් හා තක්සේරු දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් අද (08දා) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මත්තල ගුවන්තොටුපොළේ ගුවන් භාණ්ඩ පර්යන්තය තුළ 2015 සැප්තැම්බර් 02 දින වී ගබඩා කිරීම සිදුකළ අතර ඒ සඳහා මහජන නියෝජතයින්ගේ මෙන්ම ජනතාවගේ විරෝධතාවයක්ද එල්ල විය .
කෙසේ නමුත් මේ ආකාරයෙන් වී ගබඩා කිරීම හේතුවෙන් ගුවන්භාණ්ඩ පර්යන්තයේ තිබූ වායු සමීකරණ පද්ධතියට මෙන්ම විදුලි පද්ධතිය ක්‍රියාත්මක වන උපකරණ මෙන්ම ගුව භාණ්ඩ බහාලුම් වලදී භාවිතයට ගනු ලබන උපකරණ සඳහා හානි ඇතිවී ඇති බව ජනාධිපති කොමිසමේ නිලධාරියෙකු පැවැසීය.
රාහුල් සමන්ත



popular news
-
Sajith puths Friday, 09 August 2019 09:54 AM
Who decided and approved this ,wesige puth MP AND all politicos should hang from their etadeken. If not will happend it soon
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

