
ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රවර්ධනයට විශේෂ කාර්ය සාධක බළකායක් පිහිටුවීමට පියවර ගැනීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පියවර ගෙන තිබේ.
මේ අනුව අවිසිතුරු මත්ස්‍ය වගාවේ, විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන්ගේ, විසිතුරු මත්ස්‍ය ආහාර නිෂ්පාදකයන්, ජලජ පැළෑටි වගාකරුවන් ඇතුළු ක්ෂේත්රයේ සියලු පාර්ශ්ව නියෝජනය වන පරිදි මෙම කාර්ය සාධක බළකාය පත් කර ඇත.
ඒ අනුව මෙම කර්මාන්තයට බලපාන සහ කර්මාන්තයේ නිරත පිරිස්වලට බලපාන ගැටලු සාකච්ජා කර එම ගැටලු සඳහා ඔවුන් විසින්ම විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීම මෙම කාර්ය සාධක බළකායට පැවරී තිබේ.