විසිතුරු මත්ස්‍ය කර්මාන්තය තවදුරටත් නගා සිටුවීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ තුළින් විදේශ විනිමය වැඩි වශයෙන් රට තුළට ගෙන ඒම රජයේ අරමුණයි.
විසිතුරු මසුන් සදහා ලොව පුරා මේ වනවිට විශාල වෙළෙදපොලක් නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව මෙරට විසිතුරු මත්ස්‍ය කර්මාන්තය නගා සිටුවීම සදහා විදෙස් වෙළෙදපොළට විසිතුරු මසුන් වැඩි වශයෙන් යොමු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
ඒ අනුව එම කර්මාන්තයේ නිරත වන්නන්ට මූල්‍යාධාර ලබාදෙමින් තවදුරටත් ඔවුන් එම කර්මාන්තයේ නියැලීමට දිරි ගැන්වීමටයි සැලසුම් කර ඇත්තේ.
ජල ජීවි වගා සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නිරත වන එක් පුද්ගලයෙකුට රුපියල් එක් ලක්ෂ විසි පන් දහසකට පුත්තලම් දිස්ත්‍රික්කයේ සිය දෙනෙකු සදහා මූල්‍යාධාර පිරි නැමීමට කටයුතු යොදා තිබෙනවා. එහි සමාරම්භය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුලු පිරිසකගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.