විවිධාකාරයේ අපහාස විඳදරා ගනිමින් අපි ජයග්‍රහණය කරා ගියා - බැසිල්
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවු සියලු දෙනාට හෘදයාංගමව ස්තූතිය පුද කරන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ අපි බලාපොරොත්තු වු පරිදි පැවති ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබු බවත් ඒ ලැබු ජයග්‍රහණයේ සතුට සාමයෙන් සමඟියෙන් භුක්ති විදින ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
විවිධාකාරයෙන් බාධා අපහාස විදදරා ගනිමින් රටේ යහපත වෙනුවෙන් කැපවු බවත් ඒ සඳහා කැපවු සියලු දෙනාට හෘදයාංගම ස්තූතිය පළ කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අද ( 17) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන කාර්යාලයේදි මේ බව සඳහන් කළේය.
ජන්දය ලබා දුන් සියලු දෙනාට බියෙන් සැකෙන් තොරව එක ලෙස ජිවත්විමට සුදුසු ආරක්ෂිත රටක් ගොඩනැගිමට නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියා කරනු ඇති බවත් ඒ සඳහා සියලු දෙනා එකමුතුව සහයෝගය ලබා දිය යුතුව ඇති බවත් ඒ මහතා පවසයි.

popular news
-
Deepal Nirosh Monday, 18 November 2019 09:01 AM
ඉතා ශ්‍රේෂ්ට කැපවීමක් හා ඉවසීමක් ඇතිව ඔබතුමාල මේ ජයග්‍රහණය ලැබුවා. දැන් පත් වූ නව ජනාධිපතිතුමාට නිදහසේ නිසලව තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඉඩදිල ඔබතුමා ඇතුළු පවුලේ උදවිය ඈතින් ඉඳගෙන සහාය දැක්වුවොත් ඒතුමාටත් රටටත් ඉදිරි මඟ බැබලේවි. කරුණාකරල ඒ් කාරියටත් ඔබතුමා පවුලේ නායකත්වය දෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

