විවිධ කුමන්ත්‍රණ සිදු කළත් අපේ ජයග්‍රහණය ස්ථිරයි - ගෝ්ඨා
ප්‍රජාතන්ත්‍රවාදීව ජය ගන්න බැරි නිසා විවිධ කුමන්ත්‍රණවල යෙදුණත් අපේ ජයග්‍රහණය ස්ථීර බව පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අද කුරුණෑගල පැවති රැස්විමකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ප්‍රජාතන්ත්‍රවාදීව ජය ගන්න බැරි නිසා විවිධ කුමන්ත්‍රණවල යෙදුණත් අපේ ජයග්‍රහණය ස්ථීරයි. අපි ජනතාව,වෘත්තිකයින්,ව්‍යාපාරිකයින්, ව්‍යවසායකින් එකතු කළා. ශක්තිමත් බලවේගයක් බවට අපි පත්ව සිටිනවා. අද සෑම ක්ෂේත්රයකම ජනතාව පීඩාවට පත්ව සිටිනවා. ජනතා කේන්ද්‍රීය ආර්ථීක සැලැස්මක් අපි ඉදිරිපත් කරන්නේ මේ තත්ත්වයෙන් ගොඩ එන්නයි. ජනතාව ඉදිරියට ගෙන ඒමට සුදුසු සැලැස්මක් අපි ඉදිරිපත් කර තිබෙනවා. අධ්‍යාපනය හරහා තරුණ තරුණියන් අතරමංවිමට ඉඩ නොතබා අපි සැලසුම් කරන ආර්ථීකය තුළ රැකියා අවස්ථා ලබා ගැනීමේ අවස්ථාව උදා කරන ආර්ථීකයකට සරිලන වේතනයක් සහිත රැකියා උත්පාදනය කිරීමේ අධ්‍යාපන ක්‍රමයක් අපි සකස් කර තිබෙනවා.
වසර 30ක් තිබුණූ ත්‍රස්තවාදය අවසන් කළා වගේම පසුව කිසිවක් නොවන ආකාරයට අපි රටේ ආරක්ෂාව තහවුරු කළා. නැවතත් ඒ ආරක්ෂාව ඇති කරන්න ප්‍රමුඛත්වය දෙන බව මම සහතික වෙනවා. එදා ආමි කාරයා, නේවි කාරයා ලෙස හැඳින්වූ කොටස් රණ විරුවෝ බවට පත්කළා. ගම්බට්ටා කියපු නිලධාරීන් සිවිල් ආරක්ෂක බලකායට අනුයුක්ත කළා. පොලීසියේ ප්‍රශ්න විසඳුවා. යුද්ධයක් පවතින අවස්ථාවක විනය ගරුක සමාජයක් ඇති කරන්න සුරක්ෂිත රටක් බිහිකරන්න රටක පොලීසිය වැදගත් වෙනවා.
අද සමාජය තුළ පොලීසිය පිළිබඳ විවිධ මත තිබෙනවා. අපි පොලීසියට අවශ්‍ය පුහුණුව, සුභසාධනය ලබා දෙන්නේ නැත්නම් ඔවුන්ට සේවය කළ නොහැකියි. මම පොලීසිය පිළිබඳව අධ්‍යයනය කරලා තිබෙනවා. ඒ ප්‍රශ්න විසදා රටේ සුරක්ෂිතභාවය ඇති කරන පොලිස් සේවාවක් ඇති කරන බවට සහතික වෙනවා. පොලිස් නිලධාරීන්ට නිවාස ලබා දෙන්න බැරි නම් ගමට ආසන්න ස්ථානගත කිරීම අවශ්‍යයි.අපි එදා පොලිස් ස්ථාන විශාල පිරිසක් හැදුවා. ඒ කාර්යය භාරය ඉදිරියට ගෙන ගොස් නැහැ. පොලීසියට එදා ලබා දුන්න වාහනය මේ රජය යටතේ නැති වුණා. අපි ඒ කාර්යය නැවත ඇරඹනවා. පොලීසිය වගේම හමුදාව තුළත් විනය ඉහළට ගෙන්න පුහුණූව දුන්නා. සොල්දාදුවාගේ සිට ඉහළම නිලධාරියා දක්වා පුහුණූවිම කෙරෙනවා. ඒ පුහුණුවීම් සදහා ක්‍රමවේදයක් ඇති කර විනය ගරුකව රාජකාරිය ඉටු කිරිමට දැනුම ඇති සේවයක් බවට පත් කරනවා.
ඕනෑම සංස්ථාවක දක්ෂ පුද්ගලයින්ට නිපුණත්වය මත ඉහළට එන්න අවස්ථාව ඇති කළ යුතුයි. උපාධිධාරීන් උපපොලිස් පරීක්ෂකවරු ලෙස බැදුණේ නැහැ. අද වන විට උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් පොලීසියේ සිටිනවා. අද පොලිස් පරික්ෂකවරුන්ට උසස් වීමේ හැකියාවක් නැති වෙලා. අපි මේ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. උපාධියලත් සහ පළපුරුදු ලත් පොලිස් පරීක්ෂකවරුන්ට අධිකාරිලත් ඒ . එස්. පී තනතුරට යාමේ අවස්ථා ඇති කරනවා. අපි මේ සේවාවේ ප්‍රශ්න හඳුනනවා.
යුද්ධය අවසන් කර ගන්න අපිට වසර 30ක් ගත වුණා. ති‍්‍රවිද හමුදාව වැඩි කළේ නැත්නම් යුද්ධය අවසන් කරන්න බැරි බව මහින්ද රාජපක්ෂ මහතාට සඳහන් කළාම ආර්ථික ප්‍රශ්න තිබියදීත් හමුදාව ලක්ෂ 3කින් වැඩි කළා. අද පොලිස් සේවාවෙත් ඒ ප්‍රශ්න තිබෙනවා. අද සෑම තැනම පොලිස් නිලධාරීන්ගේ අවශ්‍යතාවය තිබෙනවා. ජනතාවට හොඳ සේවාවක් ලබා දෙන්න, නම් පොලිස් නිලධාරීන් ප්‍රමාණය වැඩි කළ යුතුයි”.
කෂිනි හපුආරච්චි

popular news
-
Priyantha Thursday, 03 October 2019 11:46 AM
මොලේ අමාරුවක් කියලා බොරු කරලා මෙඩිකල් දීලා හමුදාවෙන් පැනල ගිය පුද්ගලයෙක් හමුදාවෙ පොලීසියේ විනය හදනවා කීවම මට පරණ කතාවක් මතක් උනා.ඒක මෙතන කියන්න බැහැ.
Reply : 0 0
Deepal Nirosh Thursday, 03 October 2019 01:54 PM
තාම අපේක්ෂකත්වයවත් ස්ථිර නැහැ, ඒ්ත් ජයග්‍රහණය ෂුවර්ලු. හමුදාවක සේවය කරලත් තාම පිළිවෙලට කඩඉම් පනින්න පුරුදු නැති හැටි?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

