විල්පත්තුවේ කිරි ඉබ්බෙකු ඇල්ලු දෙදෙනෙකුට රුපියල් 90,000ක දඩයක්
විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළදි කිරි ඉබ්බෙකු ඇල්ලිමේ චෝදනාවට වරදකරුවන් වු සැකකරුවන් දෙදෙනෙකුට රුපියල් 90,000 දඩ මුදලක් නියම කිරීමට පුත්තලම අතිරේක මහේස්ත්‍රාත් ළහිරු එන් සිල්වා මහතා ඊයේ ( 10 ) දින නියම කෙරුණි .
මෙසේ දඩ මුදල් නියම වුයේ යාපනය වාණිජපුර කොළොන්පුරේ වයි. එන් .ජේයකුමාර් (51) සහ දෙහිවල කදිරමලේයි විනෝකරන් (43 ) නැමති කන්ටේනර් රථ රියදුරෙකුට සහ සහයකවරයකුට බව කියයි.
විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් වු පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ යාපනයට කන්ටේනර් ලොරි රථයකින් ගමන් කරමින් සිටියදි පෙරියවිල්ලුව තුළ සිටි වදවියාමේ තර්ජනයට ලක්ව ඇති දැඩි ආරක්ෂිත කිලෝ හයකට ආසන්න බරකින් යුත් කිරි ඉබ්බෙකු අල්ලා ලොරි රථයේ ඉදිරිපස කොටසේ සඟවා ගෙන රැගෙන යමින් සිටියදි මුල්ලිකුලම අඩවි වනජීවි කාර්යාලයේ නිලධාරීන් 9 දින සවස අත් අඩංගුවට ගෙන තිබුණි.
වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි .
පුත්තලම - හිරාන් ප්‍රියංකර

popular news
-
raajan Tuesday, 18 June 2019 07:17 AM
විල්ල්පතුව විනාශ කරපු මිනිස්සුන්ට දඩුවම් නැද්ද? මෙගේ දෙය්ය්යා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

