විල්පත්තුව රකින තුරුලිය වෙනුවෙන් අපි
විල්පත්තුව රක්ෂිතයේ විනාශ වී ඇති පරිවාර කැලෑවන් නැවත තිබූ අයුරින්ම ආරක්ෂා කිරීමට යුද හමුදාව විසින් ආරම්භ කොට ඇති තුරුලිය වෙනුවෙන් අපි රුක් රෝපණ වැඩසටහන වෙනුවෙන් දිවයිනේ නන් දෙසින් පැළ ආධාර ලබා දෙන බවට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා පැවසුවේය.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විල්පත්තුවේ පරිවාර ප්‍රදේශයන්හි පැළ හිටවීම ආරම්භ වූ අතර පසුව වන්නි ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට විල්පත්තුවේ පරිවාර කැලෑ ප්‍රදේශයේ අක්කර 21ක පමණ භූමි ප්‍රදේශයක පැළ සාර්ථකව හිටුවා අවසන් බවට යුද හමුදාව පවසයි.
මේ අනුව රුක් රෝපණ වැඩසටහන වෙනුවෙන් පසුගියදා “යූත් ඔෆ් හෝප් පරිසර සංවිධානය”, ජීවනාලෝක සංසදය, ජයවර්ධන විශ්ව විද්‍යාලය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් හා රංගන ශිල්පීන් වන සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද් හා දූලිකා මාරපන යන අයද මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා එක් වූහ.
එමෙන්ම විල්පත්තුව ප්‍රදේශයේ පැළ රෝපණය කාර්ය භාරව සිටින 54 වන සේනාංකය වෙතටද දිවයිනේ නන් දෙසින් විවිධ වූ පරිසර සංවිධාන මෙන්ම පාසල් රැසකින්ද පැළ ආධාර ලබා දීම මේ දින වල සිදුවෙයි.


popular news
-
Deepal Nirosh Tuesday, 18 June 2019 12:52 PM
මේ ව්‍යාපෘතිය රටේ ජාතික සංහිඳියාවට බාධාවක්.
Reply : 0 0
Champa Tuesday, 18 June 2019 06:41 PM
විල්පත්තුව රකින හමුදාවට සහ යුධ හමුදාපතිතුමාට අපේ හෘදයංගම ස්තූතිය. රටේ හැම තැනින්ම හමුදාවේ "තුරුලිය වෙනුවෙන් අපි" වැඩ සටහනට සහයෝගය දීල පැල වර්ග සපයනවා කියන්නේ මේ රටේ මිනිස්සු ගස් වැල් වලට වලට මොන තරම් ආදරය කරනවද කියන එක. දේශපාලකයෝ විනාශ කරන වනාන්තර රැක ගන්න ජනතාව ඉදිරිපත් වෙන එක අනාගතය ගැන හොඳ සලකුණක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

