විල්පත්තු පරිවාර වනාන්තරවල ව්‍යාජ නිවාස ගම්මාන - විමල්
විල්පත්තු පරිවාර වනාන්තරවල ‘ව්‍යාජ නිවාස ගම්මාන’ ඉදි කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් රටේ වනගහනය ආරක්ෂා කිරීමට ‘වඩු මඩු’ තහනම් කිරීම ‘අතීසාරයට අමුඩ ගැසීමක්’ වගේ වැඩක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පැවැසීය.
ඊයේ (15දා) විල්පත්තු ජාතික වනෝද්‍යානයෙහි කල්ලාරු පරිවාර රක්ෂිතයේ ඉදිවෙමින් පවතින නිවාස යෝජනා ක්‍රමය නිරීක්ෂණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
“2015 මුල් භාගයේදී ජනාධිපතිවරයා, උතුරු - නැගෙනහිර වනාන්තර එළිපෙහෙළි කරමින් නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම හෝ වෙනත් කටයුත්තක් කිරීම තහනම් කළාය කීවාට පසුව ආරම්භ කළ නිවාස යෝජනා ක්‍රමයක් තමයි මේ අපගේ නිරීක්ෂණයට ලක් වන්නේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තමයි මේ විල්පත්තු වනාන්තරයේ පරිවාර වනාන්තරයක් වන කල්ලාරු රක්ෂිතයේ ඉදි කෙරෙන මෙම නිවාස යෝජනා ක්‍රමය සඳහා පූර්ණ අනුග්‍රහය සහ අනුබලය ලබා දෙන්නේ.
ඒ වගේම මෙම නිවාස යෝජනා ක්‍රමයෙන් ඉඩම් ලබා දී ඇති පිරිසට තාවකාලික ඉදිකිරිම් සඳහා රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයා රුපියල් 50,000 බැගින් ලබා දී ඇති බව ද දැන ගැනීමට තිබෙනවා. පුත්තලමේ හොඳින් ජීවත් වන, ස්ථිර නිවාස හිමි පුද්ගලයන්ටයි මේ ඊනියා නිවාස ගම්මාන හදන්නේ.
මේවා ඇත්තෙන්ම ‘ව්‍යාජ ගම්මාන’ ලෙස හැඳින්විය හැකියි. මෙතැනදී සිදු වන්නේ නිවාස අහිමි පිරිසකට නිවාස ලබා දීමක් නොවෙයි. ඒකයි මා මේවා ‘ව්‍යාජ ගම්මාන’ ලෙස හැඳින්වූයේ. එක පැත්තකින් මෙතැන තිබෙන්නේ අන්තවාදී ආකාරයකින් ජනාවාසකරණය කිරීමක්. අනෙක් පැත්තෙන් මෙතැනදී දේශපාලන බලය යොදා ගනිමින් මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට හිමි වනගහනය විනාශ කිරීමක් ද සිදු වෙනවා. “








popular news
-
Champa Monday, 17 June 2019 10:34 AM
පරිසර ඇමැතිත් ජනාධිපති. එයාගේ අනාගත ජනාධිපති අපේක්ෂක තමයි වහල් ආණ්ඩුවේ යූඑන්පී නිවාස ඇමති. දෙන්න එක්ක එකතු වෙලා මුස්ලිම් චන්ද ගන්න දැන් ලහි ලහියේ කරන වැඩක් වගේ. කලින් කරලා නවත්තපු වැඩකට නිවාස ඇමති තල්ලුවක් දෙනවා වගේ. ඉස්සර ඉඳන්ම ලියනවා වන්නන්තර කපා දමමින් අලුතින් පදිංචි කරන මුස්ලිම් මිනිස්සුන්ගේ අවුරුදු 10ක කලින් හිටපු ලිපින ගැන සොයන්න ඕනේ කියල. ජනාධිපති පරිසර ඇමති වුනාට පස්සේ එලි කරපු රක්ෂිත වනාන්තර, වැසි වනාන්තර ප්‍රමාණය ලෝක වාර්තාවක් වෙන්න ඕනේ. මේ වැඩේ වහාම නවත්තන්න ඕනේ. මේක දෙවිදියකටම වැරදියි. එකක්, කෘෂිකර්මයට මුල් තැන දෙන කුඩා දූපතක් වන අපේ රටේ ස්වභාවික වැසි වනාන්තර විනාශ කරන එක බරපතල අපරාධයක්. අනික, රටේ පැහැදිලි ජනවාර්ගික අනුපාතයක් තියෙද්දී සුළු ජාතිකයන් මෙහෙම මුස්ලිම් ඇමතිවරුන්ට ඕනේ ඕනේ විදිහට පදිංචි කරන එක වැරදියි. ඊළඟට, ලෝකේ පුරා ඇවිද ඇවිද climate change ගැනයි, global warming ගැනයි, පරිසරය ආරක්ෂා කිරීම ගැනයි සුද්දන්ට කතා පිට කතා පවත්තන ජනාධිපති, ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ නැතුව, තමා සම්මතෙහි පිහිටා ලෝකෙට ඔවා දුන්න නම් තමයි හොඳ. විමල්ගේ කථාවෙන්වත් ඇස ඇරෙයිද දන්නේ නැහැ.
Reply : 0 0
Anura Chandrakumar Monday, 17 June 2019 02:25 PM
රටට මොකද වෙන්නේ ?? අරබිකරණය පෙරමුණට , වන සංහාරය සහ සිංහල /දමිල ජනතාවට හුලන් !! මේවා රටට පෙන්වන්න විමල් වීරවන්සම එන්න ඕන නේද ??
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

