වියනා තානාපති කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කැඳවීම ගැන ජනපති කියයි
වියනා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දුරකතන අමතුමක් ලබා ගැනීමට පැය හතර හමාරක් උත්සාහ කළත් කිසිවෙකුත් දුරකතනට ප්‍රතිචාර නොදැක්වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ඊයේ (17දා) කොළඹදී පැවැති උත්සවයකදී ඔහු වියනා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ සියල්ලන්ම නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට ගත් තීරණය පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් ඔහු මේ බව පැවැසීය.
එසේම එම කාර්ය මණ්ඩලය ශ්‍රි ලංකාවට නැවත ගෙන්වා ගැනීමෙන් තමන් අනිකුත් තානාපති කාර්යාලවලටද පණිවිඩයක් ලබාදුන් බව ජනපතිවරයා සඳහන් කළේය.
“මට සෝෂල් මීඩියා වල තදින් ගහලා තිබුණා, මම එක්තරා තානාපති කාර්යාලයක කාර්ය මණ්ඩලය තානාපතිනියගේ සිට කම්කරුවා දක්වා වහාම රටට එන්න කියලා නියෝග කළා. ඒ අය හෙට අනිද්දා එනවා. පසුගිය සතියේ මට ඕන කරලා තිබුණා ඒ තානාපති කාර්යාලයේ තානාපතිතුමියට කතා කරන්න.
මගේ ටෙලිෆෝන් වල ඉන්න කාර්ය මණ්ඩලය පැය හතර හමාරක් උත්සාහ කළා. ටෙලිෆෝන් හයක් වදිනවා එහේ. පැය හතර හමාරක් ටෙලිෆෝන් එක ගන්න කෙනෙක් නෑ. පැය හතරහමාරක් ෆෝන් එක ගන්නේ නැත්නම් ඒ තානාපති කාර්යාලයේ අයට පමණක් නෙමෙයි අනිත් තානාපති කාර්යාලවල අයටත් පණිවිඩය ලැබෙන්නයි මම ඒ දේ කළේ. මෙතනට අදාළ කාරණයක් නෙමෙයි මම මේ කිව්වේ අපේ වගකීම් හා යුතුකම් පිළිබඳවයි.”

popular news
-
Bandula. Tuesday, 18 September 2018 12:04 PM
ඔබතුමා කල වැඩේ ගොඩක් අගය කරනවා. කොහේ හිටියත් තමුන්ගේ රාජකාරිය කරන්න බැරිනම් ගෙදර යවන එක තමා හොද.
Reply : 0 2
Bandula. Tuesday, 18 September 2018 12:04 PM
ඔබතුමා කල වැඩේ ගොඩක් අගය කරනවා. කොහේ හිටියත් තමුන්ගේ රාජකාරිය කරන්න බැරිනම් ගෙදර යවන එක තමා හොද.
Reply : 0 1
Nandana Tuesday, 18 September 2018 01:43 PM
ජනපති තුමනි ඔබට තුති. තානාපති සහ කාර්යාලය සේවක පිරිස මගින් තම රටේ ප්‍රතිමුර්තිය පිලිබිබු වන බැවින් මෙය කාලෝචිත නියෝගයක් .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

