විමල්ට සිරේ නොයා ඉන්න අගමැති උදව් කළා
සිරගත නොවි බේරී සිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපකාර කර ඇතැයි වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ නීති විරෝධී විදේශ ගමන් බලපත්‍ර භාවිතා කිරීම සිර දඩුවම් ලැබිය හැකි වරදක් බවත් මහාචාර්ය ජී.එල්.පිරීස් මහතා විසින් ගෙන එන ලද නීතියට අනුව එම වරදට ඇප ලබා දිය නොහැකි බවත් අමාත්‍යවරයා පැවැසීය.
වරදට අදාල නඩුව අවසන් වනතුරු සිර දඩුවම් විදින්නට සිදුවන නමුත් විමල් වීරවංශ මහතාට පමණක් එම නීතිය කි‍්‍රයාත්මක නොවුනු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පුත්තලම, ආණමඩුව සිරම්බිඅඩිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත උදාගම්මානය සඳහා මුල්ගල තබමින් අමාත්‍යවරයා මේ බව ඊයේ (19දා) පැවැසීය.
“නිවාස ඉඩම් අයිතිය දුප්පත් ජනතාවට නොලැබුණු යුුගයක් තිබුණා. ඒ කාලේ ඒවා ලැබුණෙ එවකට නිවාස ඇමැතිගේ හිතවතුන්ට පමණයි. ඒ යුගය අපි වෙනස් කළා.
අද යහපාලනය යටතේ ජනතාවට ප්රතිලාභ හිමිවන තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. විමල් වීරවංශයේ නෝනා උප්පැන්නෙ වෙනස් කළා. මහත්තයා හොර පාස්පෝර්ට් හැදුවා. නීතිය අනුව හිරේ යන්න ඕන. ඒත් විමල් වීරවංශ හිරේ ගියේ නෑ.
ඒකෙන් රට යන්න ගිහින් අහුවුනාම අගමැතිතුමාට කතා කරල ඒක බේරා ගත්ත. වෙන කෙනෙක්නම් හිරේ. ඒත් විමල් එළියෙ නිදහසේ ඉන්නවා. ඔන්න ඔහොමයි විමල්ට අගමැතිතුමා උදව් කළේ.”

popular news
-
Champa Monday, 20 August 2018 08:13 AM
හූඌඌඌඌ පිස්සෙක්. විමල්ගේ කතා ටිකක් මේ දවස්වල යනව. ඉතින් ඉන්න බැහැ මඩක් නොගහ. කවුද ඕක කියන්න කිව්වේ? රනිල් නම් වෙන්න බැහැ. ෂුවර් එකට මෛත්‍රී වෙන්න ඇති කියන්න ඇත්තේ ඔහොම කියන්න කියල. ඔයි වගේ තව එකක් දැක්ක. පොහොට්ටුවේ කවුද හරි කියනවා පූජිත UNP එකෙන් ඉල්ලන්න යනවා කියලා. UNP එකෙන්? රනිල්ට පූජිත එලවන්න පුළුවන් කමක් තිබ්බ නම් සාගල නීතිය හා සාමය ඇමති කාලෙමයි එළවන්නේ. පූජිත් තාම ඉන්නේ President නිසා.
Reply : 0 1
Champa Monday, 20 August 2018 08:17 AM
ඊළඟ ජනාධිපතිවරනෙට ඉස්සෙල්ල විමල්ව හිරේ දාන්න වෙන්නැති හිතා ඉන්නේ. කරලා බලමුකො. අපි නිකම් ඉන්නවද බලන්න. වහ කෑව නම් හොඳයි කියල හිතෙයි එතකොට.
Reply : 0 1
Champa Monday, 20 August 2018 08:52 AM
මිනිහෙක් කිව්වා පාලිත රංගේ බණ්ඩාර ජින් බෝතලේ තිබ්බ ජින් වතුර කරලා පුතාව හිරෙන් බේර ගන්න රනිල්ගේ උදව් ගත්ත කියල. රනිල් දන්නේ නැහැල්ලු ජිනුයි වතුරයි දෙකම එක පාට කියලා. ඔන්න මම නම් දන්නේ නැහැ ආනමඩුවේ මිනිහෙක් තමයි කිව්වේ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

