විපක්ෂයට ඔළු මාරුවක් කළ හැකි බව සජිත් කියයි
එදා බලයේ සිට අද විපක්ෂයේ සිටින පිරිසට ඔළු ගෙඩි මරුවක් හරහා බලය ලබාගැනීමට හැකියාවක් ඇති නමුත් බලය ලබාගත යුත්තේ ජන බලයෙන් පමණක් බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
හෙතෙම මේ බව ප්‍රකාශ කළේ කළුතර, දොඩන්ගොඩ, පුහාඹුගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවයකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රත්තරං, රිදී හැන්ද කටේ තියාගෙන ඉපදුණු ප්‍රභූ පවුලක සාමාජිකයෙකු නොවෙයි. එතුමා සාමාන්‍ය ගැමි පවුලකින් ඉපදුණු පුද්ගලයෙක්.එතුමන් දකින විට ඇත්තටම මට මගේ දිවංගත පියාණන් සිහිවෙනවා.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙතැනට පැමිණි දවසේ සිට විරුද්ධවාදීන් සිදු කළේ පොඩි තැනින් ඉහළ තැනට ගිය මිනිසාව වට්ටන්නට කටයුතු කිරීමයි. මෙලෙස ඊර්ෂ්‍යාව, වෛරය සහ දේශපාලන කුහකකම් මගේ පියාටත් එල්ල වූ අයුරු මා දුටුවා. අද එම ප්‍රහාරම මෛත්‍රීපාල සිරිසේන මහතාටත් එල්ල වනවා.
ජනාධිපති වනවිට විරුද්ධවාදීන් එතුමට අයියෝ සිරිසේන, ආප්ප කාලා පාවා දීපු සිරිසේන කියා කිව්වා. එදා අතිගරු ජනාධිපති යැයි කියන්නට බැරි වුණු මෙම කුහකයන් අද එතුමට භාරකාර ආණ්ඩුවක්, සභාග ආණ්ඩුවක් හදන්නට කතා කරනවා. ඒ රටට, ජනතාවට ඇති ආදරයට නොවෙයි. ඉහළට ගිය මනුස්සයව බිමට ඇද දැමීමේ උපක්‍රමයක් ක්‍රියාත්මක කරන්නටයි.
ආණ්ඩු බිහි කිරීම හා ආණ්ඩු පෙරළිම සිදුකළ යුත්තේ ජන බලයෙන් මිස දේශපාලන කුමන්ත්රණවලින් නොවෙයි. ඔළුගෙඩි මාරුවෙන් නොවෙයි. විරුද්ධවාදීන් බලයේ සිටි කාලයේ නීතිවිරෝධීව ඉපැයූ මහ ඩොලර් ධනස්කන්දයෙන් කොටසක් ඔළුගෙඩි මාරුව හරහා ජනාධිපතිතුමන්ගේ, අගමැතිතුමන්ගේ හා ආණ්ඩුවේ අනාගතය විනාශ කිරීම වෙනුවෙන් වෙන්කර තිබෙනවා. ඔවුන්ට මෙවැනි දේවල් සිදු කිරීම මහ ලොකු දෙයක් නොවෙයි.” යැයි පැවසීය.

popular news
-
rocky Thursday, 11 October 2018 02:45 PM
ඒ ගොල්ලන්ට ඔලු මාරුවක් ඕන නැහැ, ඔලු දෙක ගානේ තියන හින්ද. ඒ ඔක්කොම දෙපැත් නයි!
Reply : 0 0
rocky Thursday, 11 October 2018 02:45 PM
ඒ ගොල්ලන්ට ඔලු මාරුවක් ඕන නැහැ, ඔලු දෙක ගානේ තියන හින්ද. ඒ ඔක්කොම දෙපැත් නයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

